මානසික රෝහල් කාර්ය මණ්ඩලය දිනක වැටුප දන් දෙයි අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සමස්ත කාර්ය මණ්ඩලයේ දිනක වැටුප හදිසි ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා රජය ආරම්භ කරන ලද “Rebuilding Sri Lanka” අරමුදල වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද(23) පරිත්‍යාග කළේය. 23 March 2026
බොරතෙල් බැරලයක් සියයට 60කින් ඉහළට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පසුගිය 28 වැනිදා ඉරානයට ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ ඇමෙරිකානු ඩොලර් 70 සීමාව ආසන්නයේ තිබූ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමෙරිකානු ඩොලර් 114 සීමාව දක්වා ඉහළ ගොස් ඇති බවත් මාසයක් තුල බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 60 ක පමණ ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 23 March 2026
ත්‍රිරෝද රථ ගාස්තුව නගී ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා අද (23) පස්වරුවේ පැවසීය. 23 March 2026
උදරය පසාරු කළ යකඩ කූර සාර්ථකව එළියට උදරය පසාරු කරගෙන කොන්දෙන් එලියට පැමින තිබූ යකඩ කම්බියක් ශාර්ථක ශල්‍ය කර්මයකින් පසු ඉවත් කළ බව බදුල්ල රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය. 23 March 2026
හිටපු ඉඩම් ලොක්කා චමින්ද්රාණිගෙන් සමාව ගනී මහනුවර හන්තාන ප්‍රදේශයේ අක්කර 43 රජයේ ඉඩමක් නීති විරෝධී ලෙස අත්පත් කර ගන්නා ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මියගේ නම සාවද්‍ය ලෙස කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් ලියනගේ පද්මසිරි මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව හමුවේ කණගාටුව පළ කරමින් කිරිඇල්ල මහත්මියගෙන් සමාව අ 23 March 2026
දත්ත ආරක්ෂණ අධිකාරියට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් දත්ත ආරක්ෂණ අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් ලෙස දිමුත් භාෂිත අතපත්තු මහතා පත් කර තිබේ. 23 March 2026
ලංකාවට ඔලිම්පික් පදක්කම් ගන්න කියුබා උදව් ශ්‍රී ලංකාවේ නව කියුබා තානාපති පැට්‍රීෂියා ලාසරා පෙගො ගුවේරා මහත්මිය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද (23) සිදුවිය. 23 March 2026
පාන් මිල නගී ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. 23 March 2026
ලාල්- දුක අහන්න වට්ස් ඇප් අංකය දෙයි අමාත්‍යංශ මට්ටමින් යම් කාරණයක් කර ගැනීමට අවශ්‍ය නම් තම දුරකථන අංකයට’’ හඬ පණිවිඩයක්’’ (Voice Message) යොමු කරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසයි. 23 March 2026
උසාවියෙදි කවුරුත් එකයි රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික බලපෑම් හෝ දේශපාලන පීඩනයෙන් තොරව නීතියට අනුව සහ ජනතාවගේ අවශ්‍යතා අනුව රාජකාරි කිරීමේ නිදහස ලබා දී තිබෙන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. 23 March 2026
ගොවියා පසුපස පැන්නු අලියා ළිඳට වැටී මරුට කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේ කුඹුරට කඩා වැදි සිටි වල් අලියකු පලවා හැරීම ගිය ගොවියකු පසුපස පන්නා ආ අලියකු කුඹුරු යායට උඩින් පිහිටි පාළු ළිදකට ඇද වැටි එහි ගිලි මරණයට පත්ව මිය ගොස් සිටි බවඅද( 23) වනජීවි නිළධාරීහු පවසති. 23 March 2026
ඊශ්‍රායලයෙන් සහ ඇමෙරිකාවෙන් ඉරානයට නව ප්‍රහාර මාලාවක් ඉරානය සිය අසල්වැසි පර්සියානු ගල්ෆ් කලාපීය රටවලට එල්ල කරන ප්‍රතිප්‍රහාර අලුත් කිරීමත් සමඟ ඊශ්‍රායලය සහ ඇමරිකානු එක්සත් ජනපදය එක්ව ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 23 March 2026
බීකරයක් පුපුරා ගුරුවරියක්-සිසුවියන් දෙදෙනකු රෝහලේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක විද්‍යා පරීක්ෂණයක් සඳහා බීකරයක් රත් කරමින් සිටියදී එය පුපුරා යෑම හේතුවෙන් තුවාල ලැබූ එම විද්‍යාලයේ ගුරුවරියක් හා අවුරුදු දහසයක සිසුවියන් දෙදෙනෙකු අද (23) දියතලාව මූලික රෝහලට හා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි. 23 March 2026
අපරාධ සැකකරුවෝ 374 ක් කොටු දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වලදී සැකකරුවන් 374 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 23 March 2026
අංගොඩ රෝසි ඇස් දොස්තරගේ නලාවට විදලා ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරයෙකුගේ නිවසක් බිඳ වෙද නලාව ඇතුලු භාණ්ඩ තොගයක් සොරා ගත් අංගොඩ රෝසි ගේ තුන් දෙනාගේ කල්ලිය මත්ද්‍රව්‍ය සමගින් අත් අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි. 23 March 2026
‘‘ශ්‍රී ලාංකාව ඉල්ලීමක් කළොත් ඉන්ධන දෙනවා‘‘ ශ්‍රී ලංකාව ඉල්ලීමක් කළහොත් මෙරටට අවශ්‍ය ඉන්ධන සහ බොරතෙල් සැපයීමට ඉරානයට හැකි බව මෙරට ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් මහතා අද (23) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 23 March 2026
පීසී සතුව තිබූ පතුරොම් ගැබ ජීව උණ්ඩ සමඟ නැතිවෙලා සැකකටයුතු පුද්ගලයකු පසුපස හඹා ගිය කොස්තාපල්වරයෙකු සතුව තිබූ පිස්තොල පතුරම් ගැබ ජීව උණ්ඩ 10 ක් සමඟ අස්ථානගතව ඇතැයි කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරයි. 23 March 2026
ආසියා සංවර්ධන බැංකු සභාපතිවරයා දිවයිනට ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා පැවැත්වීම සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශවල හානිය නිරීක්ෂණය කිරීමේ අරමුණින් තෙදින නිල සංචාරයක් සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති Masato Kanda මහතා අද (23) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය. 23 March 2026
කැනඩා මගී යානයක් ඇමෙරිකාවේදී අනතුරක ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලාගාඩියා ගුවන් තොටුපොළට ගොඩබෑ එයාර් කැනඩා එක්ස්ප්‍රස් (Air Canada Express) ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අනතුරට ලක්විය. ඒ, ගුවන් පථායේ නවත්වා තිබූ ආධාරක ට්‍රක් රථයක ගැටීමෙනි. 23 March 2026
ප්‍රා මන්ත්‍රී, බිරියයි - නැන්දනියයි රෝහලට යවයි සිය බිරිදට හා ඇයගේ මවට පහර දුන්නේ යැයි කියන සිද්ධියකට ගලෙන්බිදුණුවැව ප්‍රාදේශිය සභාවේ ජාජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය කියයි. 23 March 2026
ඉපනැලි ගින්න ගොවියාත් එලොව යවයි වි අස්වනු නෙලා ගැනීමෙන් පසු ඉතිරි වන ඉපැනැල්ලේ පිදුරු රැහැනට ගිනි තැබූ තිස්සමහාරාම ගඟසිරිගම ප්‍රදේශයේ ගොවියකු එම පිදුරු රැහැනේ ගින්නට වැටි බරපතල ලෙස පිලිස්සීමකට ලක්ව මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 23 March 2026
පොළොන්නරුවෙත් බස් වර්ජනයක් ඉන්ධන මිල ඉහල යාමෙන් බස් ගාස්තු වැඩි නොකිරිමට එරෙහිව ඊට විරෝධය පළ කරමින්, පොලොන්නරුව පෞද්ගලික බස් රථ හිමියන් අද (23) සිට බස් රථ ධාවනයෙන් ඉවත් වී ඇත. 23 March 2026
යුද්ධයට මුදල් ගැටලු නෑ: බදු වැඩි කරන්න අවශ්‍ය නෑ ඉරානය සමගය යුද වැදීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඇමෙරිකානු රජය සතුව ඕනෑතරම් පවතින බවත්, ඒ සඳහා එරට වැසියන් මත අමතර බදු බරක් පැටවීමේ කිසිදු සූදානමක් නොමැති බවත් ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් අවධාරණය කර ඇත. 23 March 2026
ගොඩබිම් ප්‍රහාරයකට සූදානම් ඇමෙරිකානු මැරීන් භටයන් රැගත්, ඇමෙරිකන් නාවික හමුදාවට අයත් ‘යූ.එස්.එස් ට්‍රිපොලි’ යුද නැව මේ වනවිට රහසිගතව මධ්‍යධරණී මුහුදු සීමාවට සේන්දු වී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ‘යූ.එස්.එස් ට්‍රිපොලි’ යුද නැව මේ වනවිට නැංගුරම්ලා ඇත්තේ කොතැනදැයි යන්න අනාවරණය වී නැත. 23 March 2026
ඊශ්‍රායලයේ 18 ක් මරුට: 3730 ක් රෝහලේ ඉරානය, ඊශ්රායපලයට එල්ල කරන ප්‍රතිප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල වැසියන් 18 දෙනකු ජීවිතක්ෂයට පත්ව සිටි බවත්, 3730 දෙනකු තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඊශ්‍රායල සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. 23 March 2026
ඉරාන වැසියෝ 1,444 ක් මරුට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක් වී ඉරානයට එල්ල කරන ප්‍රහාරවලින් ඉරාන වැසියන් 1,444 දෙනකු මියගොස් ඇතැයි ඉරාන සෞඛ්‍ය අමත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ඉරාන වැසියන් ගණන 18,551 කි. 23 March 2026
ඇමෙරිකන් ආක්‍රමණයකට මුහුණ දෙන්න සූදානම් ඇමෙරිකාවේ ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවකට මුහුණ දීමට තමන් සූදානම් බව කියුබාව පවසයි. කියුබා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඇමෙරිකන් ආක්‍රමණයකට මුහුණ දීමට කියුබා හමුදාව මේ වනවිට සීරුවෙන් තබා ඇති බවය. 23 March 2026
සැඟවු තෙල් තොගයක් යාපනය-කිලිනොච්චියෙන් සොයාගනී යාපනය සහ කිලිනොච්චිය ප්‍රදේශයේ කළ වැටලීම් වලදී ඩීසල් ලීටර 5,470 ක් , පෙට්‍රල් ලීටර 2,020ක් සහ භූමිතෙල් ලීටර 420 ක් සිය බාරයට ගත් බව පොලීසිය කියයි. 23 March 2026
හෝමාගම-පිටකොටුව බස් වර්ජනයක් ඉන්ධන මිල ඉහල යාමට සාපේක්ෂව මාර්ග අංක 138 හෝමගම - පිටකොටුව පෞද්ගලික බස් රථ අද (23) ධාවනයෙන් ඉවත් වී තිබේ. 23 March 2026
තෙල් ඉතිරියට සෞඛ්‍යයෙන් අලුත් වැඩක් වෛද්‍ය සායනවලින් රෝගීන්ට මාසයකට නිකුත් කෙරෙන ඖෂධ වර්ග එකවර මාස දෙකකට නිකුත් කරන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සියලුම රෝහල් බලධාරීන්ට උපදෙස්දී ඇත. 23 March 2026
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026