(චාපා මධුභාෂිණි සහ දයාරත්න ඇඹෝගම)
අ.පො.ස උසස් පෙළ විභාගයේ මැදිරිගිරිය අධ්‍යාපන කොට්ඨාසය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරියා ඇතුළු නිලධාරීන් තිදෙනකු විභාගය ආරම්භවීමට නියමිත දිනට පෙර රාත්‍රියේ (10) සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තුළ මත්පැන් පානය කිරීම හේතුවෙන් ඔවුන් රාජකාරී කටයුතුවලින් ඉවත් කළ බව හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චන්දිමාලා වාසලමුදලි මහත්මිය සඳහන් කළාය.
මෙම නිලධාරීන් තිදෙනා අතර විදුහල්පතිවරයකු සහ ගුරුවරයකු සිටින බව කලාප කාර්යාලය කියයි.
මෙවර අපොස උසස් පෙළ විභාග රාජකාරී කටයුතු සඳහා මැදිරිගිරිය අධ්‍යාපන කොට්ඨාසයේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ලෙස මැදිරිගිරිය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය තෝරා ගෙන ඇත.
උසස් පෙළ විභාගය ආරම්භවූ පසුගිය දහවැනිදා රාත්‍රී කාලයේ මෙම මධ්‍යස්ථානයේ දී මත්පැන් පානය කරමින් සිටින බවට කිසියම් පුද්ගලයකු අදාළ අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව එම නිලධාරින් විභාග කටයුතුවලින් විනයානුකූලව ඉවත් කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd