
(එච්.එම්.ධර්මපාල සහ රසාංජලී වාසල)
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වාසය කළ වයස් ගත ජිරාෆ් ගැහැනු සත්ත්වයා මියගොස් ඇති බව ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ආර් . සී රාජපක්ෂ මහතා පැවසීය .
සාමාන්‍යයෙන් ජිරාෆ් සත්ත්වයන්ගේ ආයු කාලය වනයේදී වසර 20–25ක් පමණ වන අතර, මනා පරිපාලනයක් සහිත සත්වෝද්‍යාන පරිසරයකදී ඊට වැඩි කාලයක් ජීවත් විය හැකිය. ඒ අනුව, මෙම ජිරාෆ් සත්ත්වයා මිය යන විට වයස අවුරුදු තිහකට ආසන්න බව ද අධ්‍යක්ෂවරයා කියා සිටියේය.ෙ
සත්වෝද්‍යාන පරිසරයක් තුළදි සත්ත්වයන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂාව සැලසීම, ඔවුන්ගේ අවශ්‍යතා අනුව පෝෂ්‍යදායී හා සමබර ආහාර ලබාදීම, පිරිසිදු හා සුදුසු වාසස්ථාන පවත්වාගෙන යාම මෙන්ම නිරන්තර අධීක්ෂණය සහ අවශ්‍ය පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම හේතුවෙන් මෙම සත්වයා හට වසර තිහකට ආසන්න කාලයක් වැනි දීර්ඝ ආයු කාලයක් භුක්ති විඳීමට හැකියාව ලැබී තිබුණි.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සත්ත්ව සුබසාධනය, ජාන විවිධත්වය පවත්වා ගැනීම සහ සත්ත්ව සංරක්ෂණය සිදු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන සත්ත්ව හුවමාරු වැඩසටහන් යටතේ, මෙම වසර අවසන් වීමට පෙර නව ජිරාෆ් සතුන් යුගල දෙකක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතය.
ඒ අනුව, ජිරාෆ් සත්ත්වයන් නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු මහජනතාවට ඉදිරියේදී නව ජිරාෆ් සතුන් දැක බලා ගැනීමේ අවස්ථාව ද උදා වනු ඇතී බවත් අධ්‍යක්ෂ වරයා පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd