(ප්‍රසාද් රුක්මල්)

හිඟුරුකඩුව අලිමඩයාය ප්‍රදේශයේ ඉඩමක බලපත්‍ර නොමැතිව හොර රහසේ මැණික් ගරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇතුලු තිදෙනකු කැට කූඩයක් ,උදැල්ලක් සමග  අත් අඩංගුවට ගත් බව හිගුරුකඩුව පොලිසිය පවසයි .

බඩල්කුබුර පොලිසියට අනියුක්තව සේවය කරන පස්සර පැල්ගහතැන්න ගුරුමඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයකු සහ පස්සර කෝවිල්කඩේ, පස්සර කොටමුදුන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30, 33 වයසේ පසුවන තරුණයන් දෙදෙනකු මෙසේ අත් අඩංගුවට ගනු ලැබිනැයි පොලිසිය සදහන් කලේය .

ලද තොරතුරක් මත මෙම පොලිස් කොස්තාපල්වරයා තරුණයන් දෙදෙනාත් සමග එක්ව හොර රහසේ මැණික් ගරමින් සිටියදි හිගුරුකඩුව පොලිසියේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

හිගුරුකඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් බංඩාර මහතා ඇතුලු නිළධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති .