(අංජුල මහික වීරරත්න)

නව ධීවර නිලධාරීහු 112ක් අද (19)පත්වීම් ලැබූහ.දිස්ත්‍රික් ධීවර කාර්යාල 15ක් සඳහා මොවුන් අනුයුක්ත කිරීමට නියමිතය.

ධීවර ක්ෂේත්‍රයේ සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමත්, දිස්ත්‍රික් මට්ටමින් ධීවර ජනතාවට ලබා දෙන රාජ්‍ය සේවාවන් වේගවත් හා කාර්යක්ෂම ලෙස ඉටු කිරීමත් මෙම පත්වීම් ලබා දීමේ ප්‍රධාන අරමුණ බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම උත්සවය කොළඹ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.