(කාංචන කුමාර ආරියදාස)
කලාවැව වැව ද්‍රෝණියට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වන බෝතැන්න ජලාශයෙ නඩත්තු කටයුත්තක් සඳහා අගෝස්තු 24 වන දින සිට ජලය ඉවත් කිරීම සිදු කරන බව ජලාශ භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා අද (19) දින පැවසීය.
බෝවතැන්න ජලාශය ඉදිකොට වසර පනහක් ගතවීමෙන් පසු රොන්මඩ පිරී ප්‍රමාණවත් ජලධාරිතාවක් ගබඩා කර ගැනීමට නොහැකිවීම කලාවැව ද්‍රෝණියට ජලය සපයන උමන් මාර්ගයේ මීටර් හතරක පමණ වැඩි රොන්මඩ පිරී තිබීම විදුලි බලය නිපදවන ස්ථානය අසල මිටර් හයකට අධික ප්‍රමාණයක් රොන් මඩ පිරී තිබීම ආදී කරුණු කාරණා රැසක් හේතු කොට ගෙන ජලාශයේ ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කොට එහි නඩත්තු කටයුතු සහ ජලාශය තුල වැඩි ජල ප්‍රමාණයක් ගබඩාකොට ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් ලබාදීම සඳහා මෙම තීරණය ගත් බව හෙතෙම සඳහන් කළේය
කෙසේ වෙතත් මේ දිනවල පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශයේ ජලය ඉවත් කිරීම නුසුදුසු බවට කටකතා පැතිරවීමට හැකි බවත් එහෙත් මෙය දීර්ඝ කාලයක සිට සැලසුම් සහගතව යොදාගත් බවද සඳහන් කළේය
වියළි කාලගුණික තත්ත්වය උපයෝගී කරගෙන නඩත්තු කටයුතු සිදුකරන බවත් දැනට ජලාශයේ ජලය ඝන මිටර් එකොළහ දක්වා පහත වැටී ඇතැයි ද බුද්ධික මහේෂ් නවරත්න මහතා පැවසීය.
කලාවැව ද්‍රෝණියට ජලය සපයන බෝවතැන්න ජලාශයේ ජල පරිමාව මීටර් කිව්බිග් මිලියන පනස් හයක් ලෙස ගණන් බලා තිබුනද පසුගිය 2014 වසරේ සිදු කරන ලද සමීක්ෂණයකදී හෙළි වූයේ ජල පරිමාව මිටර් කියුබික් මිලියන 23 ක් බව හෙතෙම පෙන්වා දුන්නේය
කලා වැව ද්‍රෝණියට උමං මාර්ගය හරහා තත්පරයට ඝන අඩි දහසක් මුදා හැරීමට අවශ්‍යතාවය තිබුනද මීටර් හතරක පමණ ප්‍රමාණයක් උමං මාර්ගයේ රෝන්මඩ පිරී තිබීම නිසා අවශ්‍ය ජල ප්‍රමාණය ද්‍රෝණියට මුදා හැරීමට නොහැකි වීම බරපතළ ප්‍රශ්නයක් බව කියා සිටියේය.
බෝවතැන්න ජලාශයේ නඩත්තු කටයුතු සඳහා අගෝස්තු විසි හතර වන දින ජලය ඉවත් කොට සති තුනක පමණ කාලයක් එම නඩත්තු කටයුතු සිදුකොට අවසානයේ නැවත සැප්තැම්බර් 14 දින සිටි ජලාශය පුරවන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය
දැනට ජලාශයේ පවතින ජලය කණ්ඩලම, කලා වැව ,සහ ඉබ්බන්කටුව යන ජලාශවල ගබඩා කර තබන බවත් බෝවතැන්න ජලාශය නැවත පිරවීම සඳහා අවශ්‍ය ජලය මේ වන විටත් කොත්මලේ ජලාශයේ ගබඩා කර ඇති බවද සඳහන් කළේය
ලබන විසි හතර වන දිනයෙන් පසුව සිදී යන බෝවතැන්න ජලාශයේ මසුන් මැරීම සංචාරය කිරීම සිරි නැරඹීම සඳහා පැමිණීමෙන් වළකින ලෙසත් ජලාශයේ රොන්මඩ පිරි එහි අවධානමක් ඇති වෙන බව කිවේය
වසර 50ක් කාලයක් පතුල නොසිදී ඇති නිසා නිසි අවබෝධයක් නොමැති නිසා ජනතාවට අනතුරු සිදුවිය හැකි බව පෙන්වා දුන්නේය. රොන්මඩ පිරීමතු පිටින් වියලි ජිලා බැසීමේ අවදානමක් තිබෙන බවද ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත් ජලාශයේ තැන්පත්ව ඇති වැලි නාඋල ප්‍රාදේශීය සභාව සමග එක්ව ඉවත් කොට ඒවා රජයට ලබාදීම සඳහාද පිළිවෙලක් සූදානම් කර ඇතැයි පෙන්වා දෙන බුද්ධික මහේෂ් මහතා සඳහන් කළේ මහවැලි අධිකාරියේ පූර්ණ අධීක්ෂණය යන්ත්‍ර සූත්‍ර යොදාගෙන මෙම නඩත්තු කටයුතු සිදුකරන බවය
මේ සඳහා රුපියල් මිලියන හතරක පමණ ඇස්තමේන්තුවක් සිදුකර ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය. පවතින වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් සහ අඹන් ගඟේ සිටින මත්ස්‍යයන්ට ජලජ සතුන්ට පරිසරයට ගහකොළට අවශ්‍ය ජල ප්‍රමාණය සති තුන පුරාවට අඛණ්ඩව ඝන අඩි 1000 බැගින් පොල්ගොල්ල වේල්ල හරහා සුදු ගඟ හා අබන් ගග දිගේ මොරගහකන්ද ජලාශයට මුදා හැරීමට පියවර ගන්නා බවද ජනතාවට අනිසි බියකින් තොරව පරිහරණය කිරීමට හැකි පරිදි මෙම නඩත්තු කටයුත්ත සිදුකරන බව පෙන්වා දුන්නේය
නඩත්තු කටයුත්තෙන් පසුව විශාල ජල ප්‍රමාණයක් ජලාශයේ ගබඩා කර ගැනීමට මෙන්ම කලාවැව ද්‍රෝණියට අවශ්‍ය ජල ප්‍රමාණය ලබාදීමට හැකි බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd