
(අංජුල මහික වීරරත්න)
කොළඹ ඓතිහාසික කොටුව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ලෝක බැංකු ණය සහ ආධාර යටතේ, බස්නාහිර පළාත් සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව එක්ව කොළඹ කොටුව ප්‍රදේශය ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන සහ ගොඩනැගිලි ආරක්ෂා කරමින් සංවර්ධනය කිරීමටත්, විධිමත් රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට මෙන්ම, මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ වරාය නගරය සහ වරායට පැමිණෙන සංචාරක නෞකා සමග සම්බන්ධ වෙමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කෙරේ.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව සිදු කෙරෙන මූලික අධ්‍යයනයන් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, ප්‍රදේශයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා විධිමත් අධ්‍යයනයක් (Traffic Study) සිදු කරමින් තිබෙන බවද සඳහන් කෙරිණි. ව්‍යාපෘතියට අදාළ සමස්ත සැලැස්ම සකස් කර, නාගරික සංවර්ධන අධිකාරිය සහ නගර සභාව එක්ව නැවත ඒ පිළිබඳ සාකච්ඡා කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා සමස්ත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ ඇළමාර්ග සංවර්ධනය කෙරෙහි ප්රමුඛ අවධානයක් යොමු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd