ආනයනික ආලේපන - පාවහන් සොයා දිවයින පුරා වැටලීම් ආනයනික ආලේපන සහ පාවහන් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් 108ක් සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 20 August 2026
යෝෂිතට එරෙහි නඩුවට දින දෙයි රුපියල් කෝටි 7 ලක්ෂ 30කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කර ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් 10 වැනිදා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා නියම කළේය. 20 August 2026
කිලිනොච්චියේ නිදන් හෑරූ 08 දෙනෙකු අත්අඩංගුවට කිලිනොච්චිය භාර්තිපුරම් ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි සැකකරුවන් 08 දෙනකු කිලිනොච්චිය පොලිසිය මගින් ඉකූත් (20) දා අත්අඩංගුවට ගෙන තිබේ. 20 August 2026
ශෂී වීරවංශ පෙර ඇප මත මුදා හරියි අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවලට වරදකරුව වසර දෙකක සිර දඬුවමකට හා රුපියල් ලක්ෂයක දඩ නියම වු රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ පෙර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය. 20 August 2026
ජනපති මැතිසබයට එයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියේය. 20 August 2026
22 ගැන පෙත්සම් විභාගෙට විනිසුරුවන් ඔක්කොම ඕන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණයට ලැබෙන පෙත්සම් සංඛ්‍යාවෙන්ම ඊට සමාජයේ තිබෙන විරෝධය තේරුම් ගැනීමට හැකි බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (20) පැවසීය. 20 August 2026
ලංකාව 2030දී ඩොලර් කෝටි 1500ක ඩිජිටල් ආර්ථික ඉලක්කයකට ශ්‍රී ලංකාවට, 2030 වසර වනවිට ඇමෙරිකානු ඩොලර් කෝටි 1500ක ඩිජිටල් ආර්ථිකයට ළඟාවීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 20 August 2026
ගුරු වැටුපේ කිසිම ගැටලුවක් නෑ ගුරු වැටුප්වල කිසිම ගැටලුවක් නැතැයි අගමැතිනී හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය 20 August 2026
මාකොළ ගල්පාලමේ නටඹුන් විනාශ කළැයි විරෝධයක් පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් කර ඇති මාකොළ, පමුණුවිල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පිහිටා ඇති අනුරාධපුර යූගයට අයත් ඉපැරණි ගල්පාලමේ නටඹුන් විනාශ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට සහ එම ස්ථානයේ ආරක්ෂාවට බලධාරීන් කටයුතු නොකළ බව පවසමින් සමාජ ක්රියාකාරිකයකූවන චරීත පතිරාජ මහතා ජනාධිපති කාර්යාලය අසළ ඊයේ (19) විරෝධතාවක නිරත විය. 20 August 2026
චිලියට මහ වැසි: නායයෑමේ ලෝකයේ වියළි රටක් ලෙස සැලකෙන, ලතින් ඇමෙරිකාවේ, චිලී රාජ්‍යයට හිටිහැටියේ මහ වැසි ඇද හැලුණි. චිලී කාලගුණ විද්‍යාඥයන් පැවැසුවේ, වසරක් තිස්සේ එරටට වැටෙන වර්ෂාපතනය පැය දෙක තුනකදී ලැබුණු බවය. 20 August 2026
ඉරානයට එරෙහිව දැඩි ආර්ථික ක්‍රියාමාර්ග ඉරානයට එරෙහිව පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ඒ සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමිනි. 20 August 2026
එමිරේට්ස් රාජ්‍යය ඉරානය සමග ගණුදෙනු අත්හිටුවයි ඉරාන භූමියේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙසට බැලැස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වීමත් සමග ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස 20 August 2026
මුහුදේ මාළු අඩුවෙලාද? නාරා ආයතනයෙන් අද හෙළිදරව්වක් එල්නිනෝ තත්ත්වය නිසා මුහුදේ මාලු හිඟවී ඇතැයි ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය’. 20 August 2026
මොනරාගලට නියඟය තදටම දැනෙයි මොනරාගල දිස්ත්‍රික්කයට මාස දෙකක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි නියං තත්වය නිසා වැව් අමුණු සිදී ගොස් කෘෂිකාර්මින කටයුතු වලට බාධා එල්ලවී ඇත. 20 August 2026
ප්‍රබල න්‍යෂ්ටික අවි 57 ක් උතුරු කොරියා හමුදාව අතේ උතුරු කොරියාව සතුව බලවත් න්‍යෂ්ටික ආයුධ 57ක් ඇති බව බුද්ධි අංශ තමන්ට දැනුම් දුන් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 20 August 2026
2026 ලෝක ආහාර දින තරුණ නවෝත්පාදන අභියෝගතා තරඟාවලිය අරඹයි ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා ආහාර පද්ධති මුහුණ දෙන ප්‍රධාන අභියෝග සඳහා නව්‍ය විසඳුම් සෙවීමේ අරමුණින් 2026 ලෝක ආහාර දින තරුණ නවෝත්පාදන අභියෝගතා තරඟාවලිය නිල වශයෙන් ආරම්භ කළ බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකශ කළේය. 20 August 2026
කෝටි 14ක මත් පෙතී කල්පිටියෙන් අල්ලයි ඉන්දියාවේ සිට නීතී විරෝධී ලෙසින් මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් පෙති සහිත යාත්‍රාවක්,කල්පිටිය සෙන්දිරිත්තෙව් දූපත ආසන්නයේ කළපු තීරයේ දී අත් අඩංගුවට ගැනීමට (19 ) කල්පිටිය විජය නාවුක නෞකා ආයතනය සමත් වී ඇත. 20 August 2026
විසිදෙකට තවත් පෙත්සම් හතරක්: කතානායක මැතිසබයට දන්වයි විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් හතරක පිටපත් තමාට ලැබී ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 20 August 2026
අවාරේ සිරිපාදේ යන්න ඇවිත් මෝහිනි ඇල්ලෙන් නවතී අවාරයේ ශ්‍රී පාදයේ සංචාරයක් සදහා පැමිණි පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිණි ඇලට පෙරලී ඇතැයි නල්ලතන්නි පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ඩී.නිරෝෂන් මහතා පැවසීය. 20 August 2026
මහියංගනයේ වැඩ බැලූ විදුහල්පතිවරු රාජකාරියෙන් ඉවත් වෙති මහියංගන අධ්‍යාපන කලාපයේ පාසල් 37ක විදුහල්පති රාජකාරී ආවරණය කරන විදුහල්පතිවරුන් සිය රාජකාරි වලින් ඉවත් වන බවට ලිඛිතව මහියංගන කලාප අධ්‍යාපන අධ්යක්ෂ පුබුදු ජයසිංහ මහතා වෙත දන්වා ඇතැයි වාර්තා වේ. 20 August 2026
පී.එච්.අයි, සෞඛ්‍ය මුවාවෙන් දරුවන්ට ලිංගික හිරිහැර කරලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සෞඛ්‍ය පරීක්ෂාවක් මුවාවෙන් කල්මුණේ ජනප්‍රිය පාසලක සිසුන් 20 කට වැඩි පිරිසකට ලිංගික හිරිහැර කර ඇතැයි පොලිසිය කියයි. 20 August 2026
පුරාවස්තු සෙවූ අටක් කිලිනෙච්චියෙන් අල්ලයි පුරාවස්තු සෙවීමේ අරමුණින් කිලිනොච්චිය භාරතීපුරම් ප්‍රදේශයේ කැණීම් කරමින් සිටි සැකකරුවන් 08 දෙනකු කැණීම් උපකරණ සමගින් අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 20 August 2026
දෙල්ගොඩ අනතුරකින් තිදෙනෙක් මරුට මීගහවත්ත නව මහනුවර මාර්ගයේ දෙල්ගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් හා ත්‍රිරෝද රියක මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් තිදෙනකු මියගොස් තවත් දැරියක තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 20 August 2026
කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක් රියදුරු ආසන වමේ සිට දකුණට මාරු කිරීමේ සහ වාහන නවීකරණය කිරීමේ කඩුවෙල පිහිටි කර්මාන්ත ශාලාවක් වසා දැමීම හෝ අන්සතු කිරීම වළක්වමින් විදේශීය සමාගමකට වාරණ නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග මහතා නිකුත් කළේය. 20 August 2026
නියඟයෙන් රටපුරා හැත්තෑතුන්දහසක් පීඩාවට අධික වියළි කාලගුණයෙන් රට පුරා පවුල් 23,377 ක 73,214ක පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටින බව ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා ලංකාදීපයට පැවසීය. 20 August 2026
තන්තිරිමලේ ලඳු කැලෑවක ගින්නක් තන්තිරිමලේ දුප්පිටියාවේ ගම්මානයේ ඊයෙ සවස ඇති වූ ගින්නකින් අක්කර 75 - 100 අතර ප්‍රමාණයක් දැවී ගොස් ඇතැයි තන්තිරිමලේ පොලිසිය කියයි. 20 August 2026
නල්ලූර් වාර්ෂික මංගල්‍යයෙන් යාපනය ඵෛතිහාසික නල්ලුර් කන්ද ස්වාමි කෝවිලේ වාර්ෂික මංගල්‍ය මේ දින වල ආරම්භ වි තිබේ. 20 August 2026
කළුතරින් හොර වෙද්දු දෙකක් මාට්ටු වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් දීර්ඝ කාලයක් තිස්සේ රෝගීන්ට ප්‍රතිකාර කළ බව කියන පුද්ගලයන් දෙදෙනකු කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් කළ මෙහෙයුමකදී අත් අඩංගුවට ගෙන ඇත . 20 August 2026
සමිට්පුර චතුගේ තොරතුරකින් ගිනි අවියක් සහ උණ්ඩ සොයාගනී ජාත්‍යන්තර රතු වරෙන්තු මත මෙ රටට පිටුවහල් ’’සමිට්පුර චතු‘‘ නැමති පාතාල අපරාධකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් හා උන්ඩ 12 ක් සොයා ගැනීමට හැකි වූ බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 20 August 2026
හොරෙන් මැණික් ගැරූ පී.සී ඇතුළු තුනක් මාට්ටු හිඟුරුකඩුව අලිමඩයාය ප්‍රදේශයේ ඉඩමක බලපත්‍ර නොමැතිව හොර රහසේ මැණික් ගරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇතුලු තිදෙනකු කැට කූඩයක් ,උදැල්ලක් සමග අත් අඩංගුවට ගත් බව හිගුරුකඩුව පොලිසිය පවසයි . 20 August 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026