
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාත්‍යන්තර රතු වරෙන්තු මත මෙ රටට පිටුවහල් "සමිට්පුර චතු‘‘ නැමති පාතාල අපරාධකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත විදේශීය රටක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් හා උන්ඩ 12 ක් සොයා ගැනීමට හැකි වූ බව කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
ඉකුත් 18 වැනි දින සැකකාර සමිට් පුර චතු නැමැත්තා ඕමානයේ සිට මෙරටට පිටුවහල් කර තිබිණි.
සංවිධානාත්ම අපරාධ කරුවකු වන ගනේමුල්ල සංජීව නමැත්තා අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු ලෙස නම් කර සිටි සමිට්පුර චතු නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් කටයුතු කිරීමේදී එම දිනවල ඉන්දුනීසියාවේ සිටි කෙහෙල් බද්දර පද්මෙ නැමැත්තා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කර සමිට්පුර චතු නැමැත්තා ඕමානය කරා ගෙන්වාගෙන තිබූ බව පොලිසිය කියයි.
දිමුතු චතුරංග හෙවත් සමිට්පුර චතු ගේ උපදෙස් මත ගනේමුල්ල සංජීව ඝාතනයේදි ඔත්තු බැලූ බව ජූරියන් සහ මාධවන් නමැති සැකකරුවන්ගේ අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd