(වසන්ත චන්ද්‍රපාල)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු සෞඛ්‍ය පරීක්ෂාවක් මුවාවෙන් කල්මුණේ  ජනප්‍රිය පාසලක සිසුන් 20 කට වැඩි පිරිසකට ලිංගික හිරිහැර කර ඇතැයි පොලිසිය කියයි.

කල්මුණේ අධ්‍යාපන කලාපය යටතේ ඇති ජනප්‍රිය පාසලක සිසුන් 20 කට වැඩි පිරිසකට ලිංගික හිරිහැර කළ බවට පැමිණිලි ලැබුණු බව  පොලිසිය කියයි.

සෞඛ්‍ය පරීක්ෂාව අතරතුර නිලධාරියා තමන්ට ශාරීරිකව හා මානසිකව හිරිහැර කළ බව පීඩාවට පත් සිසුන් තම මාපියන්ට පවසා ඇත.

එම දරුවන්ගේ මාපියන් එක්ව පාසල් විදුහල්පතිවරයා හරහා කල්මුණේ මූලස්ථාන පොලිසියට  පැමිණිලි කර ඇත.

බලපෑමට ලක් වූ පාර්ශ්වයන් සිද්ධිය පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හදිසි ඇමතුම් අංකයට  දැනුම් දී ඇත. ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ ළමාරක්ෂක අධිකාරිය, කල්මුණේ මූලස්ථාන පොලිසියට සහ අම්පාර දිස්ත්‍රික් ළමා හා කාන්තා පොලිස් කොට්ඨාශයට වහාම පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇත.