(උපුල් හේරත්)

තන්තිරිමලේ දුප්පිටියාවේ ගම්මානයේ ඊයෙ සවස ඇති වූ ගින්නකින් අක්කර 75 - 100 අතර ප්‍රමාණයක් දැවී ගොස් ඇතැයි තන්තිරිමලේ පොලිසිය කියයි.

තන්තිරිමලේ පොලිසිය සහ ගම්වාසීහු එක්ක දැඩි වෙහෙසක් දරා ගින්න මේ වන විට පාලනය කරමින් සිටින බව දැන ගන්නට ඇත.

මහවිලච්චිය ප්‍රදේශීය ලේකම් කාර්යාලය අයත් මෙම ගම්මානය විල්පතුව කැලේට ආසන්නයේ පිහිටා ඇත. දැනට පවතින වියලි කාලගුණයත් පවතින දැඩ සුළඟත් නිසා ගින්න මැඩ පැවැත්වීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදු ව ඇතැයි තන්තිරිමලේ පොලිසියේ උසස් නිලධාරයෙක් අප කළ විමසීමකදී පැවැසීය.