
(රෝෂන් තුෂාර)
රියදුරු ආසන වමේ සිට දකුණට මාරු කිරීමේ සහ වාහන නවීකරණය කිරීමේ කඩුවෙල පිහිටි කර්මාන්ත ශාලාවක් වසා දැමීම හෝ අන්සතු කිරීම වළක්වමින් විදේශීය සමාගමකට වාරණ නියෝගයක් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග මහතා නිකුත් කළේය.
ඉන්දියාවේ ඔටෝමෝටිව් නමැති සුඛෝපබෝගී වාහන නිෂ්පාදිත සමාගම විසින් (Gaup Automotive Technologies Private Limited ) පැවරු නඩුවක් සලකා බැලීමෙන් පසුව විදේශීය අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය වන කඩුවෙල ඔටෝ ගෘප් ( autogroup) නමැති සමාගමට මෙම වාරණ නියෝගය නිකුත් කළේය.
පැමිණිලිකාර ඉන්දියානු මෝටර් රථ සමාගම වෙනුවෙන් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකාර සමාගම විසින් අමෙරිකාවෙ නිෂ්පාදිත හැමර් (Hummer Ev) වර්ගයේ වාහන දෙකක් ආනයනය කොට වමෙන් පැදවීමේ මාදිලිය දකුණෙන් පැදවීමේ මාදිලිය බවට පරිවර්තනය කොට ලබාදීමට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබාගත් බවය.
ඇමෙරිකාවෙන් ආනයනය කරන හැමර් ඒ වී වාහනය නැවත ඉන්දියාවට ප්‍රති අපනයනය කරදීම සඳහා ගිවිසුමකට එළැඹී විත්තිකරුවන් අදාළ කාර්යය ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවද, ගිවිසුම උල්ලංඝනය කරමින් කර්මාන්තශාලාව වසා දැමීමේ ප්‍රවණතාවක් තිබෙන බවද පැවසීය.
කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂක මණ්ඩලය විදේශකයින් වන බැවින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදෙස් ගමන් තහනමක් ඔවුන්ට එරෙහිව ලබාගෙන ඇති බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd