(කේෂර ගුණතිලක)

මොනරාගල දිස්ත්‍රික්කයට මාස දෙකක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි නියං තත්වය නිසා වැව් අමුණු සිදී ගොස් කෘෂිකාර්මින කටයුතු වලට බාධා එල්ලවී ඇත.

දිස්ත්‍රික්කයේ මේ වන විට උග්‍ර පානීය ජල හිඟයක් පවතින අතර ජලය සපයන්නේ දින තුනකට හෝ පහකට වරක් බැගිනි.

ඇතැම් ප්‍රදේශ වල වගාවන්ද විනාශවී තිබේ.

සියඹලාණ්ඩුව, මඩුල්ල, තණමල්විල, වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නියඟය දැඩි ලෙස බලපා ඇත.දිස්ත්‍රික්කය හරහා ගලා යන කිරිඳියඔය,මැණික්ගඟ,ගලඔය සහ හැඩඔය යන ප්‍රධාන ගංඟා වල ජල මට්ටමද ඉතාමත්පහළ මට්ටමට බැස තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ මොනරාගල දිස්ත්‍රික් භාර වාරිමාර්ග අධ්‍යක්ෂක වසන්ත වීරවර්ධන මහතා, මොනරාගල දිස්ත්‍රික්කය තුළ මහා වාරි මාර්ග යෝජනා ක්‍රම විසිදෙකක් පමණ තිබෙනවා.මේ වන විට කොටියාගල වැව සම්පූර්ණයෙන්ම සිදී ගිහින්.හඳපානාගල,මුතුකණ්ඩිය ජලාශ වල ජල මට්ටම සියයට පනහකින් අඩුවී තිබෙනවා.සෙසු වැව් හා අමුණ වල ජල මට්ටම සියයට පනහේ සිට පහළොව දක්වා අඅඩුවී තිබෙනවා.