(යොහාන් භාසුර)

පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් කර ඇති මාකොළ, පමුණුවිල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පිහිටා ඇති අනුරාධපුර යූගයට අයත් ඉපැරණි ගල්පාලමේ නටඹුන් විනාශ කළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට සහ එම ස්ථානයේ ආරක්‍ෂාවට බලධාරීන් කටයුතු නොකළ බව පවසමින් සමාජ ක්‍රියාකාරිකයකූවන චරීත පතිරාජ මහතා ජනාධිපති කාර්යාලය අසළ  විරෝධතාවක නිරත විය.

බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මෙම ඉපැරණි ගල්පාලමේ නටඹුන් 2023 වසරේ පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් කළ බවත් පිරිසක් මීට මාස කිපයකට පෙර එම නටඹුන් විනාශ කළ බවත් විරෝධතාකරු පැවසීය.

මෙම තත්වය පිළිබඳව ජනාධිපතිවරයා, සංස්කෘතික ඇමතිවරයා, වරාය හා ගුවන් සේවා ඇමතිවරයා, බියගම ප්‍රාදේශීය ලේකම් සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු බලධාරීන් දැනුවත් කළ ද ඊට එරෙහිව කිසිදු පියවරක් නොගත් බව ද සඳහන් කළේය.