සුවඳවිලවුන්-ඖෂධ සමඟ 05ක් ගුවන් තොටේදී අත්අඩංගුවට
රුපියල් එක් කෝටි දහසය ලක්ෂ හැත්තෑ දෙදහස් හයසියයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි ,ඖෂධ වර්ග සහ සුවඳ විළවුන් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ දෙස් - විදෙස් ගුවන් මගීන් 05 දෙනෙකු සමඟ අද (23 ) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .