
(කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල නගරයේ පොදු ප්‍රවාහන රියැදුරන් 68 ක් අතරින් අට දෙනකු විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කර සේවයේ නිරත වූ බවට අනාවරණය වූ බව දඹුල්ල රථවාහන පොලිසිය කියයි .
මෙහිදී එක් රියදුරෙකු ගංජා ,හෙරොයින් හා අයිස් නමැති විෂ මත්ද්‍රව්‍ය තුනම පාවිච්චි කොට ඇති බවට පරීක්ෂණ වාර්තාවේ සදහන් වී ඇති බවත් මධ්‍යම පළාතේ සිදු කරන ලද මෙවැනි පරීක්ෂාවකදී එකවර විෂ මත්ද්‍රව්‍ය වර්ග තුනක් පාවිච්චි කර හමුවූ පළමුවැනි රියදුරා බව මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියෙ සභාපති වී. අජිත් ප්‍රියන්ත මහතා පැවසිය .
"රටම එකට" ජාතික විශ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ මෙහෙයුමට සමගාමීව බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් පොදු මගී ප්‍රවාහන සපයන්නන් විෂමත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්දැයි සෙවීම සදහා දඹුල්ල ප්‍රධාන බස්නැවතුම්පලේදී වැඩසටහනක් මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, දඹුල්ල පොලිසියේ රථවාහන අංශය සහ දඹුල්ල මහා නගර සභාව මූලිකත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරියෙ සභාපති වී. අජිත් ප්‍රියන්ත මහත්මයා, ජාතික ප්‍රවාහන වෛද්‍යාතනයේ වෛද්‍ය ජෝසර් මහත්මිය, දඹුල්ල පොලිසියේ රථවාහන අංශයෙ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තරිඳු පෙරේරා මහතා ඇතුලු දිස්ත්‍රික්කයේ දඹුල්ල හා ඒ අවට කොට්ඨාසයන්හි පොලිස් ස්ථාන නියෝජනය කරමින් රථවාහන අංශ ස්ථානාධිපතිවරු ඇතුලු නිළධාරි පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම එකට නම් ඉතින් මත්ද්‍රව්‍ය එකට උනාම මොකද ප්‍රශ්නේ කියල හිතන්න ඇති.
තිස්ස සේනානායකගේ කතාවට මමත් එකඟයි. නියම බයි චින්තක කෙනෙක්. පෙන්නන්නේ ඇඟිල්ල, බලන්නේ හඳ දිහා නේද ...