(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෝටර් රථයකින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි හිටපු පොලිස් නිලධාරියා ඇතුළු දෙදෙනාට දින හතක කාලයකට රැඳයුම් නියෝග ලබා ගත් බව කඩවත පොලිසිය කියයි.

කඩවත පොලිසියට ලද තොරතුරකට අනුව කඩවත පිවිසුම් දොරටුවේදී මෙම සැකකරුවන් දෙදෙනා ගමන් ගත් වාහනය සමඟ අත්අඩංගුවට ගෙන සිදු සිදු කළ පරික්ෂාවේදීීී කුෂ් මත්ද්‍රව‍ය ගෑම් 55 ක් සහ Mushroom නැමැති මත්ද්‍රව‍ය ගෑම් 20 ඔහුන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

එම අවස්ථාවේදී එහි රියදුරු ලෙස සිටි පුද්ගලයා තමන් පොලිස් නිලධාරියකු බව පවසා පොලිස් පරීක්ෂක පරීක්ෂක වරයකු බව හැඟවීමට පොලිස් හැඳුනුම් පතක් ද ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.

එම සැකකාර පුද්ගලයා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී පයාගල නාගා දුව ප්‍රදේශයේ පදිංචි එම සැකකරු 2024 වර්ෂයේදී රන්ජාවාරමකට සම්බන්ධ වී පොලිසිය හැරගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයෙක් බවට කරුණු අනාවරණය වී ඇත.

සැකකරු පදිංචි නිවස පරික්ෂා කිරීමේදී පොලිස් නිල ඇඳුම් 16, මිලිමීටර් නමය වර්ගයේ පතරම් 68ක්, ටී පනස් හයේ  උණ්ඩ 12ක් වෙනත් උණ්ඩ හයක් විදේශීය දුම් වැටි 600 ක් මාංචු කුට්ටම්පහක් පොලිස් සාක්කු සටහන් පොත් දෙකක් ,තාවකාලික රියදුරු බලපත්‍ පොත් දෙකක් ජංගම දුරකථනක් විද්‍යුත් තරාදි දෙකක්, විශාල ප්‍රමාණය  පිස්තෝල රදවන හතරක් සහ වායු රිවෝල්වරයක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ජාත්‍යන්තර පොලිසියේ හැඳුනුම් පතක් ද සතු මත්ද්‍රවනාශක කාර්යාංශයේ සේවය කර ඇති තිස් හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහුගේ මත්ජාලය සමඟ පවතින සම්බන්ධය හෙළි කරගැනීම දීර්ඝ විමර්ශනයක් සිදු කිරීමට නියමිතය.