
දරුවන් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කර මානසික සෞඛ්‍යයට හානි කළ බවට චෝදනා කරමින්, ෆේස්බුක්, වොට්ස්ඇප්, ඉන්ටග්‍රෑම් ආදී සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරණ, ‘මෙටා’ සමාගමට එරෙහිව ඇමෙරිකාවේ ජනපද 30 ක් එක්ව ගොනු කළ දැවැන්ත නඩුවේ කැලිෆෝනියා ෆෙඩරල් අධිකරණයේදී විභාග වීම ඇරැඹිණි.
‘මෙටා’ සමාගම, කුඩා දරුවන් සහ නව යොවුන් වියේ පසුවන්නන් හිතාමතාම ඔවුන්ගේ සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කරගනිමින්, ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බරපතල හානි සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන්, ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකට (ඩොලර් බිලියන 1,000 කට) අධික වන්දියක් ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබේ.
ඇමෙරිකානු ඉතිහාසයේ පාරිභෝගික ආරක්ෂණය වෙනුවෙන් ගොනු කළ විශාලතම නඩුව මෙය ලෙස සැලකෙයි. නඩු විභිගය පැවැත්වෙන්නේ ජූරි සභාවක් ඉදිරියේය.
කැලිෆෝනියා සහ නිව්යෝර්ක් ඇතුළු ඇමෙරිකාවේ ජනපද 30 ක් එක්ව ගොනු නළ මෙම නඩුව මඟින් පෙන්වා දෙන්නේ, දරුවන් වැඩි වේලාවක් ඇප් තුළ රඳවා තබාගැනීම සඳහා සීමාවකින් තොරව, ‘පෝස්ට්’ එම දරුවන්ට දකින්න සැලැස්වීම, පෝස්ට්වලට ලැබෙන ‘ලයික්’ ප්‍රදර්ශනය කිරීම සහ නිතර නිතර ‘නෝටිෆිකේෂන්’ දකින්න සැලැස්වීම වැනි මනෝවිද්‍යාත්මක උපක්‍රම ‘මෙටා’ සමාගම විසින් භාවිත කරන බවය.
තම සමාගමේ ලාභය වැඩි කරගැනීමේ අරමුණින් ‘මෙටා’ සමාගම දරුවන්ගේ පෞද්ගලිකත්වය සහ පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් මෙලෙස කටයුතු කර ඇති බවට නීතිඥයන් චෝදනා කර ඇත.
‘මෙටා’ සමාගම, අධිකරණයට භාර දුන් අභ්‍යන්තර ලිපිගොනු පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ, ඉන්ස්ටග්‍රෑම් 'ලයික්' සංඛ්‍යාව පෙන්වීම නිසා දරුවන් අන් අය සමඟ තමන්ව සසඳා බැලීමට පෙලඹෙන බවත්, එමඟින් තනිකම, සිරුරේ ස්වරූපය පිළිබඳ නරක හැඟීම් ඇතිවීම සහ විශාදය වැනි බරපතල මානසික ගැටලු ඇතිවන බවත් සමාගම කලෙක සිටම දැන සිටි බවය.
එවැනි හානිදායක තත්ත්වයන් හෙළි වී තිබියදීත්, අධික ලාභ ලැබීමේ අරමුණින් සමාගමේ ඉහළ කළමනාකාරීත්වය එම තොරතුරු වසා දමා කටයුතු කර ඇති බව අධිකරණයේදී අනාවරණය වී තිබේ.
මෙම නඩුව මඟින් වන්දි මුදල්වලට අමතරව, වයස අවුරුදු 18ට අඩු පරිශීලකයන් සඳහා ‘ලයික්’ සංඛ්‍යාව පෙන්වීම අත්හිටුවීම, ‘'ඉන්ෆිනිට් ස්ක්‍රෝල්’ විශේෂාංගය ඉවත් කිරීම සහ දැනුම්දීම් යවන වේලාවන් සීමා කිරීම වැනි මූලික වෙනස්කම් රැසක් ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් සමාජ මාධ්‍යවල සිදු කරන ලෙස ඉල්ලා සිටී.
මීට පෙර, නිව් මෙක්සිකෝ ජනපද අධිකරණය විසින්ද මෙටා සමාගම ‘මහජන පීඩාවක්’ ලෙස හඳුන්වා දෙමින්, ඇමෙරිකන් ඩොලර් මිලියන 942 ක දඩයක් නියම කළ අතර, මෙම ප්‍රාන්ත 30 නඩුවෙන් ද මෙටා සමාගම පරාජය වුවහොත් ඇමෙරිකාව පුරාම දරුවන් සමාජ මාධ්‍ය භාවිත කරන ආකාරය සහමුලින්ම වෙනස් වනු ඇත.
‘මෙටා’ සමාගම මෙම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරන්නේ තමන් යොවුන් පරිශීලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවී සිටින බවය. එසේ වුවත් පැමිණිලි පාර්ශ්වය පෙන්වා දෙන්නේ, 1990 දශකයේ දැවැන්ත දුම්කොළ සමාගම්වලට සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදකයන්ට එරෙහිව ජනතාව වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කළාක් මෙන්ම, මෙම නඩුවේදීද ‘මෙටා’ සමාගමට එරෙහිව ජයග්‍රහණය ලබාගන්නා බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ එහෙම ආණ්ඩුව ඕවා කරන්න ආවොත් බලාගෙන. සමාජ මාධ්‍ය මර්දනයට එරෙහිව තරුණයෝ පාරට බස්සනවා.