
කෝටි ගණන් වියදම් කරමින්, අති නවීන පරිගණක තාක්ෂණ ශිල්පක්‍රම භාවිතයට ගනිමින්, ඇනිමේෂන් (කාටූන්) චිත්‍රපට බිහිවෙද්දී, ඉතාමත් බලා තත්ත්වයේ, කට වචනයෙන් කියනවා නම් ‘මොලෝ රහක් නැති, ලෝ බජට්’ චීන ඇනිමේෂන් චිත්‍රපටයක් මේ වනවිට කවුරුත් මවිතයට පත් කරමින් චීනයේ බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවීමට සමත් වී ඇත.
මෙම චීන ත්‍රිමාණ ඇනිමේෂන් චිත්‍රපටය ‘නියු ලායි’ (Niu Lai) ය. චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ මවක සහ පුතෙකි. ඔවුන්ට ඒ සඳහා ගත වුණු කාලය වසර 5 කි. චිත්‍රපටියේ අධ්‍යක්ෂණය, පිටපත, හඬකැවීම් පමණක් නොව, පසුබිම් ගායනා පවා සිදු කර ඇත්තේ මෙම මව සහ පුතාය.
චිත්‍රපටිය සිනමාහල්වල තිරගතවීම ආරම්භ කළ මුල් දින 9 තුළම උපයා තිබුණේ ඇමෙරිකන් ඩොලර් 1,000 කටත් වඩා අඩු මුදලකි. චිත්‍රපටය නැරැඹීමට පැමිණ ඇති බව පැවැසෙන්නේ, 300 කටත් අඩු පිරිසකි.
මේ චිත්‍රපටියේ ග්‍රැපික්ස් කොච්චර දුර්වල ද, චිත්‍රපටයේ කතාව කොච්චර අවුල් සහගත ද කිවහොත්, එය නැරැඹූ ලොකු කුඩා කවුරුත් චිත්‍රපටයට විහිළු කරන්න විය. අපහාස කරන්න විය. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ට් පළ කරමිණි. චීන සමාජ මාධ්‍ය හරහා පුරා ‘මෙම්ස්’ සහ ‘ට්‍රෝල්’ වීඩියෝ ෂෙයාර් වුණේ, චිත්‍රපටය වැඩකට නැතැයි කියමින් එය නරඹන්න එපා යන්න ඒත්තු ගන්වමිනි.
එසේ වුවත්, මෙතරම් ‘සවුත්තු’ චිත්‍රපටය කුමක්දැයි බොහෝ දෙනා තුළ කුතුහලයක් නිර්මාණය වීමට එය හේතු විය. ඉන්පසු චිත්‍රපටය නැරැඹීමට සිනමාහල්වල පෝළිම් දකින්න ලැබුණි.
මුලින් සිනමාහල් 4 කට විතර සීමා වෙලා තිබුණු මේ චිත්‍රපටියට අඅද වනවිට දිනකට සිනමාහල් 2,500 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න සිද්ධ වී අවසන්ය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 2 කට ආසන්න විශාල ආදායමක් උපයමින්, මේ වනවිට තිරගත වෙන හොලිවුඩ් චිත්‍රපට වන ‘ඔඩිසි’ සහ ‘ස්පයිටර් මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ’ සමග කරට කර සයනක් දෙන බවත් වාර්තා වේ.
‘නියු ලායි’ චිත්‍රපටයේ නිල පෝස්ටර්වත් නොමැති බව පැවැසෙයි. එබැවින් ඇතැම් සිනමාහල්වල සේවකයන් ඔවුන් විසින් සිතුවම් කරනු ලැබූ පෝස්ටර් ප්‍රදඒශනය කළ බවත් පැවැසෙයි.
චීන බසින් ‘නියු’ (Niu) රකොටස් වෙළඳපොලේ නැගී සිටීමටත් භාවිතා කරන වචනයක් බැවින්, කොටස් වෙළෙඳ පොළ ආයෝජකයින් පවා සුභ නිමිත්තක් විදියට මේ චිත්‍රපටිය නරඹන බව ද පැවැසෙයි.
සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන මැද, ඇතැමුන්, අඩුපාඩු සහිත වුණත් මිනිස් අතින්ම වසර පහක් මහන්සි වී මවක සහ පුතකු නිර්මාණය කළ මෙම ‘නියු ලායි’ චිත්‍රපටය ඇගයීමට ලක් කර අවසන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට වචනෙන් කියනවනම් "මෙලෝ රහක් නැති උන්ගෙන්" වැඩිම කාලයක් වැඩිම පීඩා විදල තියෙන්නේ සිරි ලංකාවේ මිනිස්සු. අපිට සම්මාන පිට සම්මාන දීල ලෝක සමාජ මාධ්‍යවලම ඇගැයීමට ලක්විය යුතුයි.