
(අංජුල මහික වීරරත්න)
අත්අඩංගුවට ගත් පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව්දෙනා අවස්ථා 10151ක කදී ගිණුම් 89ක් මගින් මුදල් නීති විරෝධීව ප්‍රේශණය කර ඇතැයි අනාවරණය වී තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
මෙම වසරේ ජනවාරි මාසයේදී රේගු අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා මූල්‍ය අපරාධ විමර්ශන කාර්යාංශයට කරන ලද පැමිණිල්ලක් මත අදාල විමර්ශන අරැඹූ බව අමාත්‍යවරයා කීය. "2026 ජනවාරියේ රේගු අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා එෆ්.සී.අයි.ඩී යට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන කටයුතු ආරම්භ කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ විට ගිණුම් 210ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගන්න අධිකරණ අවසරය ලැබී තියෙනවා. ඒ විමර්ශනයේදී ඉකුත් 19 මීගමුවෙන් එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත්තා.
මොවුන් රටින් පිටකර තිබෙන සමස්ත මුදලේ වටිනාකම රුපියල් බිලියන 74ක්. එම විමර්ශන වල ප්‍රතිඵලයක් ලෙස මොවුන් අත්අඩංගුවට ගත්තා.
මේ අයට මුදල් විශුද්ධීකරණ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අධිකරණයට කරුණු වාර්තා කරමින් පවතිනවා යනුවෙන් ද අමාත්‍යවරයා කීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd