
කොලොම්බියාව කැලඹූ භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට උදවු කිරීමට ලොව අතිශය ජනප්‍රිය පොප් ගායිකා ශකීරා ඉදිරිපත් වී සිටී. ශකීරා කොලොම්බියානු ජාතිකයෙකි.
ඉකුත් 10 වැනිදා කොලොම්බියාව කැලඹූවේ රික්ටර් පරිමාණයේ ඒකක 7.4 ක් සටහන් කළ භූමිකම්පාවකි. 300 කට ආසන්න පිරිසක් භූමිකම්පාව ට බිලිවුණු අතර තුවාල ලැබූ ගණන 1000 පනී.
නිවාස සහ ගොඩනැගිලි 3,500 කට වැඩි ගණනක් බිමට සමතලා වී විනාශ වී ඇතැයි ද පැවැසෙයි.
දරුණු ලෙස භූමිකම්පාවෙන් හානි වුණු ප්‍රදේශ නැරැඹීමට ගොස්, විපතට පත් වූවන්ගේ සුවදුක් විමසා බැලීමට ශකිරා අමතක කළේ නැත. සම්පූර්ණයෙන් විනාශ වුණු පාසල් 10 ක් යළි ඉදි කිරීමට ද ගායිකා ශකිරා පොරොන්දු වූවාය.
ඊට අමතරව, ශකිරා ඇමෙරිකන් ඩොලර් 500,000 මුදලක් ද පුණ්‍යායතනවලට පරිත්‍යාග කර ඇත. ඒ, භූමිකම්පාවෙන් විපතට පත්වූවන් වෙනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd