යුරෝපා සංගම් තානාපතිනිය අගමැතිනිය හමු වෙයි සිය ධූර කාලය අවසන් කර දිවයිනෙන් නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්මන් මොරෙනෝ මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූවාය. 21 August 2026
කුඩා-මධ්‍ය වී මෝල් හිමියන්ට රජයෙන් කෝටි දෙකහමාරක් රජය කියන මිලට ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ආණ්ඩුවෙන් දෙකෝටි පනස් ලක්ෂය බැගින් ලබා දෙන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 21 August 2026
22ට එරෙහිව නීතිඥ සංගමයෙන් පෙත්සමක් 22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම වස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බව එම සංගමයේ ලේකම් නීතිඥ නලින් ද සිල්වා මහතා පැවසීය. 21 August 2026
ලක්ෂ 240 හොරා පැය කීපයක් ඇතුළත අල්ලයි ලක්ෂ දෙසිය හතලිහක් නිවසකින් හොරකම් කළ අයකු පැය විසිහතරක් යන්නට පෙර දෙහිවල ඕබන් පෙදෙසින් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශය පවසයි. 21 August 2026
විනිසුරු පුරප්පාඩු: විපක්ෂය විවාදයක් ඉල්ලයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු අටකට වැඩි සංඛ්‍යාවක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීමෙන් නීතියේ ආධිපත්‍යයට එල්ල වී ඇතැයි කියන බලපෑම සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට අද (21) පෙරවරුවේ යෝජනාවක් බාර දුන්හ. 21 August 2026
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ. 21 August 2026
ට්‍රම්ප්ගෙන් ආර්ථික ක්‍රියාමාර්ග: හිස්බුල්ලාට අලුත් සම්බාධක නව ආර්ථික ක්‍රියාමාර්ග හරහා ඉරාන රජය මුළුමනින්ම බැඳ වැටීමට ඇමෙරිකාව සූදානම් වෙයි. ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත්තේ, ඉතිහාසයේ දරුණුතම සම්බාධක මාලාවකට යටත් වීමට ඉරානයට සිදුවනු ඇති බවත්, එමගින් ඉරානය දැවැන්ත ආර්ථික හුදෙකලාවීමකට ලක් වනු ඇති බවත්ය. 21 August 2026
හිරේ ඉන්න ඉම්රාන් පෞද්ගලික රෝහලකට දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී, සිරදඬුවම් විදින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍යවරයා මෙන්ම, එරට ප්‍රධාන විපක්ෂ නායකයා ද වන ඉම්රාන් ඛාන් සහ බන්ධනාගාරයේ සිට ඉස්ලාමාබාද් හි පෞද්ගලික රෝහලක් වෙත මාරු කිරීමට බන්ධනාගාර බලධාරීහු පියවර ගෙන තිබේ. 21 August 2026
නන්දා මාලිනිය වෙනුවෙන් පාර්ලිමේන්තුව නිහඬ වෙයි ශ්‍රී ලාංකේය අග්‍රගණ්‍ය ගායන වේදනී අභාවප්‍රාප්ත නන්දා මාලිනියට ගෞරවාචාර පළකිරීම සඳහා පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළේය. 21 August 2026
ජාතික කොඩිය අඩ කුඹු කරන්නැයි රජය ඉල්ලයි ශ්‍රී ලාංකේය අග්‍රගණය ගායන වේදනී ආචාර්ය නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩ කුඹු කර තබන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දෙයි. 21 August 2026
අසාධාරණය හමුවේ නන්දා ගීතය අවියක් කර ගත්තා නන්දා අදීන නිර්මාණ ශිල්පිනියක වන්නේ පටු ලාභ අපේක්ෂාවෙන් හුදු ප්රශස්ති ගායනාවන් නොකළ නිසාවෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි 21 August 2026
’’ ඔබේ හඬ දේශය අවදි කළා’’ අග්‍රගණය ගායන වේදනී අභාවප්‍රාප්ත නන්දා මාලිනියට සොව පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ. 21 August 2026
තෙදිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරයි ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායන වේදනී ආචාර්ය නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් තෙදිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. 21 August 2026
මොනරාගල කුඹුකන ට්‍රැක්ටරයක් ටිපරයක ගැටී පහක් මරුට බුත්තල සිට කැබිලිත්ත බලා ගමන් ගත පිරිසක් රැගත් ටැක්ටර්යක් ටිපර් රථයක්ගැටී සිදුුවු අනතුරකින් ටැක්ටරයේ ගිය පස් දෙනකු මිගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 21 August 2026
කොටන දුර බස්වලට වැට බස්නාහිර පලාතේ තැන තැන නවත්වන දුර ගමන් සේවා මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ වැටලීමේ වැඩසටහනක් අතර එහිදී ධාවන කොන්දේසි උල්ලංඝනය කළ බස් රථ විසි හතක මාර්ග බලපත්‍ර භාරයට ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පවසයි. 20 August 2026
වවුනියාවේ කලෑවත් ගිනි ගනී වවුනියාව පුවරසංකුලම් ප්‍රදේශයේ අද (20) ඇතිවූ මහ ගින්නක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මැදිහත්තවීමෙන් මේ වන විට පාලනය කර ඇත. 20 August 2026
විනිසුරු සේවය දීර්ඝ කිරීමේ අරමුණ කතෝලික සභාව පෙන්වා දෙති විනිසුරුවන්ගේ දැනට පවතින ව්‍යවස්ථාපිත විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය වියයුත්තේ පළපුරුදු විනිසුරුවන් රඳවා ගැනීමේ අරමුණ සහ අධිකරණ නිලධාරීන්ගේ සමස්ත හිඟය සම්බන්ධයෙන් පැනනැගී ඇති මූලික ගැටලු ඵලදායි ලෙස විසදීමේ අරමුණින් සහ නඩු විසදීමේ අනවශ්‍ය ප්‍රමාදයන් විසදීමේ අරමුණින් යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ අදහස බව එම සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 20 August 2026
තුන්වැනි කුඹල් පෙරහර වීදි සරයි ඓතිහාසික දළදා මංල්‍යයේ තුන්වැනි කුඹල් පෙරහ අද වීදි සංචාරය කළේය. තුන්වන කුඹල් පෙරහරේ සධාතු කරඬුව වැඩම කරවීමේ භාග්‍ය උදා කරගනු ලැබූවේ ශ්‍රී දළදා මාලිගා ඇත් පන්තියේ මියන් රාජා හස්තියයි. 20 August 2026
උතුරු නැගෙනහිර හඳුනාගත් ඉඩම් අයිතිකරුවන්ට යුද සමයේ ආරක්ෂක අංශ වෙත පවරාගත් මේ වන විට නිදහස් කළ හැකි බවට හඳුනාගෙන ඇති උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර අදාළ පාර්ශ්වයන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන්නේය. 20 August 2026
නන්දා මාලිනියගේ අවසන් කටයුතු සෙනසුරාදා ශ්‍රී ලාංකේය අග්‍රගන්‍ය ගායනවේදනී අභාවප්‍රාප්ත නන්දා මාලිනියගේ අවසන් කටයුතු සෙනසුරාදා (22)සවස 5ට බොරැල්ල කනත්තේදී සිදු කෙරෙයි. 20 August 2026
ගලබොඩ හිමිගේ ආරක්ෂාවට සිටි නිලධාරිය වෙඩි වැදී මරුට ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් වැඩ වාසය කරන රාජගිරිය නාවල සද්ධර්ම රාජික විහාරයේ ආරක්ෂාවට සිටි කොස්තාපල්වරයා වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ් යු වුට්ලර් මහතා පැවසීය. 20 August 2026
ජාතියේ ගායිකාව සමු ගනියි ශ්‍රී ලාංකේය ගීත කලාවට අසමසම මෙහෙවරක් කළ යුගයේ අග්රණ්ය සම්භාව්‍ය ගායිකාව වූ විශාරද නන්දා මාලනී මහත්මිය අද (20) අභාවප්‍රාප්ත වූවාය. 20 August 2026
‘‘මා යළි දේශපාලනයට එන්නේ නෑ‘‘ යළිත් කිසිදු දිනක පක්ෂ දේශපාලනය නොකිරීමට ගත් තීරණය ආපසු නොහරවන බව සමගි ජන බලවේගයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්ටියාස් බාකිර් මහතා පවසයි. 20 August 2026
වී මිලදී ගන්න පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් රජය විසින් 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7500ක ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව හෙට පෙ.ව 11.30 සිට ප.ව 12.30 දක්වා අනුමතිය සඳහා විවාදයට ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් අද (20) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. 20 August 2026
දරුවන් රැකියාවන්හි යෙදවීම තහනම්: පනත් කෙටුම්පත සම්මතයි දරුවන් රැකියාවන්හි යොදා ගැනීම සම්බන්ධයෙන් පැවතුණ රුපියල් දස දහසක දඩ මුදල ලක්ෂයක් දක්වා වැඩි කිරීමේ ප්‍රතිපාදන ඇතුළත් ස්ත්‍රීන් තරුණයන් සහ දරුවන් සේවයේ යෙදවීමේ සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පස්වරැවේ සම්මත විය. 20 August 2026
එල්නිනෝ තත්ත්වය අති ප්‍රබල මට්ටම දක්වා ඉහළට පවතින එල්නිනෝ තත්ත්වය ප්‍රබල තත්ත්වයේ සිට අති ප්‍රබල එල්ලිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා කොළඹ දී අද(20)පැවැසීය. 20 August 2026
සුදුසුකම් නැතිව බ්‍රිතාන්‍ය පුහුණුව ලැබීමේ නඩුව: යෝෂිත ඇතුළු දෙදෙනාට ඇප සුදුසුකම් සපුරා නොතිබියදී හොඳම කැඩෙට් නිලධාරියාට ලබාදෙන බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ නමැත්තාට ලබාදෙමින් රජයට පාඩු කළ බවට හිටපු නාවික හමුදාපතිවරයාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විත්තිකරුවන් කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමටද අද (20) නියම කළේය. 20 August 2026
කඳු විදින මැෂින් කොටඋඩ: කෝටි 700ක් චීනයට දෙන්න වෙලා වාරිමාර්ග ව්‍යාපෘතිවලදී කඳු විදින්න මිලදී ගත් යන්ත්‍ර ප්‍රයෝජනයට නොගැනීමෙන් රුපියල් කෝටි හත්සීයක මුදලක් චීනයට නිකරුණේ ගෙවීමට සිදුව ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය 20 August 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026