බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ.

බංග්ලාදේශ ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් පැවැතියේ එම ධුරයේ කටයුතු කළ 76 හැවිරිදි මොහොමඩ් ෂහාබුදීන් 0 සෞඛ්‍ය හේතූන් මත ඉල්ලා අස්වීමත් සමගය. බංග්ලාදේශයේ ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙනි.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය නියෝජනය කරන 78 හැවිරිදි අලාම්ගීර් වැඩි ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වූයේ පාර්ලිමේන්තු ඡන්දයෙනි. එම ඡන්ද විමසීමේදී ඡන්ද 255 ට 88 ක් ලෙස අලාම්ගීර් ඡන්ද දිනා ගත්තේය.

2024 දී තරුණ විරෝධතා හමුවේ ෂෙයික් හසීනාගේ අවාමි ලීග් ආණ්ඩුව බිඳ වැටීමෙන් පසු, මෙම වසරේ පෙබරවාරි 12 වන දින පැවැති මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබා ගනිමින් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය නැවත බලයට පැමිණියේය. තාරික් රහ්මාන් බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවයි.