(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලාංකේය අග්‍රගණය ගායන වේදනී ආචාර්ය නන්දා මාලනියගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩ කුඹු කර තබන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

නන්දා මාලිනියගේ අභාවය වෙනුවෙන් ශෝක දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති

මෙලෙස ජාතික කොඩිය අද( 21) හෙට (22) සහ 23 යන තෙදින අඩ කුඹු කරන ලෙස රජය දැනුම් දෙයි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

අමාත්‍යාංශ ලේකම්වරු,පළාත් ප්‍රධාන ලේකම්වරු,දිස්ත්‍රික් ලේකම්වරු/දිසාපතිවරු,

දෙපාර්තමේන්තු ප්‍රධානීන්,

සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කරමින් එම චක්‍රලේඛය නිකුත් කෙරිණි.