(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

 

ශ්‍රී ලාංකේය අග්‍රගණ්‍ය ගායන වේදනී අභාවප්‍රාප්ත නන්දා මාලිනියට ගෞරවාචාර පළකිරීම සඳහා පාර්ලිමේන්තුව විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළේය.

නන්දා මාලිනියට ගෞරවාචාර පුද කිරීම සඳහා නිහඬතාවයක් ආරක්ෂා කළ යුතු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව මෙම නිහඬතාව ආරක්‍ෂා කෙරිණි.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද රැස්විය.