
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කම්කරු අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රම වාසනා අරමුදල අහෝසි කෙරෙන මුදල් පනත යටතේ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේදී අද සම්මත විය.
මේ අනුව එම අරමුදල ඈවර කිරීමට ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇත.
මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අනිල් ජයන්ත මහතා මෙසේද පැවසීය.
ශ්‍රම වාසනා අරමුදල රාජ්‍ය ව්‍යවසායයන් යටතට වැටෙනවා. මෙම අරමුදල තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නෑ. කම්කරු අමාත්‍යාංශයෙන් අරමුදල අහෝසි කරන්න කැබිනට් අනුමැතිය ගත්තා. අරමුදලට මුදල් ලැබෙන්නේ ලොතරැයි විකිණීමෙන්.
අරමුදලේ අරමුණු කම්කරැ අමාත්‍යාංශයේ වෙනත් අංශවලින් ඉටු කෙරෙනවා. අහෝසියෙන් අනවශ්‍ය පරිපාලන වියදමකුත් අඩු කරගන්න පුළුවන්. ඈවර කිරීමෙන් සේවකයන්ට වරප්‍රසාද අහිමි වීමක් වෙන්නේ නැහැ. මොකද ඒ අංශ අමාත්‍යාංශය වෙනත් ඒවාට පවරා ගැනීමක් කරනවා. වියදම් අවම කර ගැනීමක් තමයි මෙතන කරන්නේ. රාජ්‍ය මූල්‍ය විනය සඳහා කැප කිරීම තමයි මේකෙන් පේන්නේ.
අරමුදලේ මුදල් එහි අරමුණු වෙනුවෙන් වියදම් කරන ගමන් අරමුණු වලින් බැහැර වත් වියදම් කරලා තියෙනවා. 2024දී ලක්ෂ හැට හයක මුදලක් අධ්‍යාපන වැඩසටහන් සඳහා වියදම් කරලා තියෙනවා. ඇමැති හිටියේ මනුෂ නානායක්කාර. ශ්‍රමිකයන්ට උදව් කිරීම ඇතුළේ පාසල් දරුවන්ට උදව් කිරීමක් කරන්න බැහැ . ඒ කටයුතු වලට අධ්‍යාපන අමාත්‍යාංශය සහ වෙනත් අංශ තියෙනවා.
තවත් විශේෂ වියදමක් කරනවා. රුපියල් හය කෝටි හැට ලක්ෂයක මුදලක් පාසල් බෑග් මිලදී ගැනීමට වැය කරනවා. දරුවන්ට පාසල් බෑග් බෙදනකොට කවුරැත් කැමතියි. නමුත් මූලික අරමුණෙන් බැහැරව කටයුතු කරලා තියෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd