(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂයේ සිටි බොහෝ අධිකරණ ඇමතිවරුන්ගේ ක්‍රියා කලාපය විපක්ෂ මන්ත්‍රීවරුන්ට දැන් අමතක වී ඇතැයි  නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රීනී නීතීඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

"ජාතික ජන බලවේගයට මේ රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ  කුමකටදැයි විපක්ෂ මන්ත්‍රීවරුන් අපටත් වඩා හොඳට පැහැදිලි කරනවා.ඒ කාලයේ මේ රටේ නීතිය වල් වැදිලා තිබුනේ.උගත්, පොහොසත් බලය තියෙන කෙනාට එක නීතියක්. බලය නැති කෙනාට තව නීතියක්.මෙලෙස අයාලේ යමින් තිබූ නීති පද්ධතිය හරි තැනට ගේන්න අප කටයුතු කළා. නීතියට අත පෙවූ සංස්කෘතිය මේ රටේ ජනතාව විසින් කුඩු සම්බල් කරලා දැම්මා.ජාතික ජන බලවේගයට ජනතාව බලය දුන්නේ නීතිය අකුරට ඉටු  කරන්නයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 259ක් පත් කරලා ව්‍යවස්ථාපිත බලය තහවුරු කළා.එවැනි බලයක් ජනතාව ලබාදුන්නේ හොඳ නීතියක් රටේ ස්ථාපිත කරන්නයි. එලෙස ජනතාව අපට ලබා දී තිබෙන්නේ නීතිය නිවැරදි මගක ගමන් කරවීමේ බලයයි.අප ඒවා කරන්නේ විපක්ෂයෙන් අහල නෙමෙයි. සාමාන්‍ය ජනතාවගෙන් අහලා.ඒගොල්ලන්ගේ අධිකරණ ඇමතිලාට තිබුණු චෝදනා  විපක්ෂයේ බොහෝ අයට මතක නෑ යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.