
සඳලි සත්සරණි
එල්නිනෝවලට මුහුණදීමට, අඩු ජල ප්‍රමාණයකින් වගා කළ හැකි බෝග ලැයිස්තුවක් පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවැසීය.
එල්නිනෝ සමග ජල හිගයක් ඇතිවිය හැකි හෙයින් ජල සම්පත අපරිස්සමෙන් භාවිත කරමින් වගා කටයුතු කිරීමට අනිවාර්යයෙන්ම සිදුවන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
අතරමැදි කන්නයේ දී ජල කළමනාකරණය තහවුරු කරමින් මුංඇට සහ බඩඉරිඟු වගාව පුළුල් කිරීමට පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
මෙවර අතරමැදි කන්නය වෙනුවෙන් හෙක්ටයාර 16,500ක භූමි ප්‍රමාණයක මුංඇට වගා කිරීමට සැලසුම් කර ඇති බවත් පසුගිය කන්නවලදී ද මුංඇට විදේශයෙන් ආනයනය කිරීම නතර කර දේශීය නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීමට කටයුතු කළ බවත් ඔහු කීය.
මෙවර ද එම ප්‍රවණතාව ඉදිරියට ගෙන යෑම අරමුණ බව හෙතෙම සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd