දොම්පෙට කසල ගෙනයාමට බාධා නොකරන්නැයි 10 දෙනකුට නොතීසි
කොළඹ මහ නගර සිමාව තුළ දිනපතා එකතු වන කසළ බැහැර කිරිමට නම් කර ඇති දොම්පේ මාළිගාවත්ත ඒකාබද්ධ කසළ කළමණාකරණ මධ්‍යස්ථානය කුණු ගෙනයාමට බාධා නොකරන ලෙස තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍යය අමාත්‍යය ඩුලිප් විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග හා දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක යන මහත්වරුන් ඇතුළු දස දෙනෙකුට පුගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිලුපුලි ලංකාපුර මෙනෙවිය අද (21) නොතීසි නිකුත් කළාය.