(විනීතා එම් ගමගේ)
මූල්‍ය කේෂත්රයේ විශාල වංචාවන් සිදුවන්නේ යල් පැන ගිය අණපනත්වල ඇති දුර්වලතාව නිසා යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
බැඳුම්කර වංචාව වැනි වංචාවන්ට ඉඩකඩ සැකසුණේ මෙම නීතිවල ඇති හිදැස් නිසා යැයි ද ඇමැතිවරයා කීය.
මහ බැංකුවට අදාල වසර 40 ක් පැරණි අණ පනත් වහා අලුත් විය යුතුව ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
වසර 20 ක් තිස්සේ රට තුළ කි‍්‍රයාත්මක වන පිරමිඩ් ජාවාරම නීති විරෝධී එකකැයි මහ බැංකුව දිගින් දිගටම අවධාරණය කරත් මේ නීති විරෝධී කටයුත්තෙහි නියැළුණු එකම එක අයෙක් වත් මේ වනතුරුත් නඩුපවරා වැරදිකරු කර ඇත්දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනයේ අද (17) පැවැති දිස්ත්‍රික් ලේකම් සමුළුවේ දෙවැනි දිනයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුව මිනිසුන්ගේ වරදින් නෙමෙයිද ඇමැතිතුමා?
ඇමතිතුමා හරි. නමුත් කවුරුවත් මේ හිල් වහන්නේ නැනේ. ප්‍රාඥයා එලෙව්වට පසුවවත් මොකවත් කෙරෙන්නේ නැති පාටයි.
හත්වලාමේ අපි නම් හාංකවිසියක්වත් දැනගෙන හිටිය දෙයක් නොවේනේ.. මේ උන්නැහේ හොයාගෙන තියෙන්නේ. හැබෑව තමයි.... නමුත් ඔය කියන හිල්වලට කොන්ක්‍රීට් දැම්මත් මේ හොර තක්කඩි නම් හොරා කනවා කනවාමය.
වජිර ඇමතිතුමාම කියපු එක හොඳයි. ජනවාරි 8 වෙනකම්ම මම දැනගෙන හිටියේ මහා පරිමාන හොරකම් සිද්ධ වෙන්නේ දේශපාලනඥයෝ නිසා කියලනේ... යහපාලනය යටතේ ඒව වෙන්නේ නීතිරීති වල සිදුරු නිසා... අපිනේ ඔය නීතිරීති හදන්නේ. අපිත් මේ බලන් ඉන්නේ ආයෙත් ඡන්දෙ ඉල්ලන්න එනකන් තමයි.
මේ ලංකාවේ තරම් විසිරුණු නීති වෙන කිසිම රටක නැතිව ඇති. හැමකෙනාටම නීති පැලැස්තර දදා ගියපු රටක්... මේ දේශපාලකයෝ මෙච්චර කල් මොනවද කළේ? නීති පොතේ නෙමෙයි ප්‍රශ්නේ, එය ක්‍රියාත්මක නොකිරීම තමයි මෙතන ප්‍රශ්නේ.. බලපුළුවන් කාරයෝ නීතිය හරියට ක්‍රියාත්මක කරලා නැහැ. මේක රටේ කරුමේ.. නායකයා අවංක, හොඳ වෙලා මදි. කොන්ද කෙළින් තියාගෙන පටපට ගාලා වැඩකරන්න පුළුවන් විය යුතුයි. එහෙම නැහැ දැන් ඉන්න අය. හිටපු අයට කොන්ද තිබුණට අවංක නැහැ. රටෙයි, මිනිස්සුන්ගෙයි ඔක්කොගෙම කරුමේ... හරිම දුකයි රට ගැන...අනික් රටවල් එක්ක බැලුවාම...
ආකිමිඩිස් මොන බම්බුවක්ද හොයා ගත්තේ මෙයානේ මිනිහා. මාධ්‍යයට එන්න කියලා සතියේ දවසක උදේ 7.30 ට දුවන්නකෝ ආකිමිඩිස් වගේ පාර්ලිමේන්තු පාරේ. එතකොට රැකියාවලට යන නෝනලා මහත්වරු දකියි අලුත් සොයා ගැනීම.
ඉතින් ඇමතිතුමෝ ඔය සිදුරු වහන්න නේද අපි ඔබ තුමන්ලාව බලේට පත් කලේ? ඒවා නොවහා., තව සිදුරු ලොකු කරමින් සිදුරු වලින් සමහරුන්ට රිංගන්න ඉඩ සලසමින් ඇස කන් වහගෙන ඉන්නෙත් ඔබතුමන්ලාම නේද? දැන් ඔය බොන්ඩ් කේස් එකේ සිදුර අපිද හෑරුවේ?
ඔය සිදුරු ගැන හොඳින් දන්නා නිසානේ ඔය බහිරවයා ඇවන්ට් ගාඩ් මුදලාලිලත් එක්ක ඩීල් දැම්මේ.
ලංකාවේ පාලකයෝ කවදාවත් ඔය සිදුරු වහන්නේ නැහැ. මොකද, ඒ අයගේ පැවැත්මට ඔය කියන නීතියේ සිදුරු අවශ්‍යයි.
ඔව් ඔව් බොහොම ඇත්ත. ඒ නිසානේ ගොඩක් මුදල් හොරකම් කල අය ඇමති ගෙවල්වල බුදිකරගෙන ආරක්ෂා කලේ. ඊට පස්සේ ෂෝ එකට වැලිකඩ රෝහලට දාලා ගෙදර යවනවා. (සැ:යු : අඹ හොරුන්ට මෙය අදාල නැත)
නීතියේ සිදුරු කියලා දන්නේ අදද? ඔය සිදුරු වහන්න ඕනේ ඡන්දය දුන්නු අයද? රට හදනවා කියා ඡන්දය අරගෙන මහා ගෙදරට ගොස් වරප්‍රසාද භුක්ති විඳින ඔබ වගේ අයද?
හිල් වහගන්නේ නැතිව අවුරුදු දෙකක් පොල්ගෑවද?
මහජන නියෝජිතයෝ පත් වෙන්නේ මහජනතාව අතරින්. දෙගොල්ලොම එකතු වෙලා කරන්නෙ නීතිය කඩන එක තමයි. හැමෝටම නීතිය මතක් වෙන්නේ අනුන් නීතිය කඩලා තමන්ට හිරිහැරයක් වුණාම තමයි. දඩ මුදල් වැඩි කළාම කවුද කෑ ගැහුවේ? පාරේ හරියට යන අයද? පාරේ වැරදි කරලා අහුවුණාම පොලීසියට පගාව දෙන්න යන්නේ කවුද? හොර පාරෙන් ළමයි ඉස්කෝලෙට දාගන්න යන්නේ කවුද? මිනිස්සුම තමයි. ඒ වගේ මිනිස්සු තමන්ගේ නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලන පත්වීම් දෙන එකයි. දේශපාලන ස්ථාන මාරු හදාගන්න එක... නීතියෙන් කට්ටි පැනලා ආරක්ෂා වෙන එක තමයි. ඒ හින්දා කවුරුවත් ඔය මහා ප්‍රතිසංස්කරණ වලට යන්නෙ නෑ. කවුරු හරි නීති සංශෝධනය කරන්න ගියාම දන්නෙ නැහැ කියන්න... දැන් ඕකද තියෙන ලොකුම ප්‍රශ්නේ කියලා.
වැඩේ තියෙන්නේ මේ සිදුරුවලින් හාල් මැස්ස්සන්ට යන්න බැරි වුණාට තල්මස්සු නම් ලිස්සලා යනවනේ...
ලැබෙන හැම සිදුරක්ම පාවිච්චි කරන මේ ගොල්ලෝ කොහේද නීතියේ සිදුරු වහන්නේ?
වංචා සිද්ධ වෙන්නේ නීතිවල සිදුරු නිසා’නොව මන්ත්‍රීවරු බලන්නෙම හොරකම් කරන්න. මුදල් හම්බ කිරීම තමයි මුලික පරමාර්ථය. ඔවුන්ගේ දේශපාලන බලය අයුතු ලෙස යොදවනවා. නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් බිය වද්දනවා. තර්ජන කරනවා දේශපාලන බලය ඉදිරියේදී නිලධාරීන් අසරණ වෙනවා. පසු ගිය කාලේ දිහා බලන්න.අද ආණ්ඩුවේ ඇමතිවරුන් විශාල පිරිසකට එරෙහිව දූෂණ චෝදනා එල්ල වී තිබේ. ඉහළ සිට පහළට. වංචා දූෂණ යාන්ත්‍රණය අදත් රාජපක්ෂ කාලයේ මෙන් ම නිරුපද්‍රිතව ක්‍රියාත්මක වේ. මේ දූෂණ මැඬලන්නට, ශක්තිමත් නීති, ශක්තිමත් ආයතනික ව්‍යුහ හදන්නට අගමැතිවරයාගේ ආණ්ඩුව මුළුමනින් ම අසමත් වී තිබෙන්නේ ය. වංචා දූෂණවල යෙදෙන්නට අදත් කිසිවකුට බියක් ලජ්ජාවක් නැත.