(රොමේෂ් මධුෂංඛ)
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 36 ක් සමඟ තරුණයින් දෙදෙනෙකු යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී අද (19) අත්අඩංගුවට ගත් බව කොඩිකාමම් පොලීසිය පවසයි.
කොඩිකාමම් පොලීසියට ලැබුනු තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමකදී සැකකාර තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණයින් දෙදෙනා විසින් අදාල කේරල ගංජා තොගය දකුණට යැවීම සඳහා සූදානම් කර තිබූ බවට කොඩි කාමම් පොලීසිය කියයි.
ඔවූන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව පරික්ෂණ සිදු කරන කොඩිකාමම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd