රාත්‍රී 7
(ක.ග කරුණාරත්න)
හබරණ අරුණෝදාගම ප්‍රදේශයේදී අද (17) අලුයම පොරවකින් ගසා තම සැමියා ඝාතනය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාව නොවැම්බර් 30 වැනි දා දක්වා රිමාන්ඩ් කැකිරාව මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේ ය.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් වූයේ මාතර ආරච්චිගේ කාන්ති ප්‍රියදර්ශණී නමැති 44 හැවිරිදි සිව් දරු මවකි.
(කාංචන කුමාර ආරියදාස)
හබරණ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අරුණෝදාගම ප්‍රදේශයේදී පොරවකින් පහරදී සැමියා ඝාතනය කළ බිරිඳ පොරවද සමග පොලීසියට භාර වී ඇතැයි පොලිසිය පවසයි.
මෙසේ මරා දමා ඇත්තේ 46 හැවිරිදි සිව් දරු පියෙකි.
හබරණ අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ හෝටලයක් පවත්වාගෙන යන මෙම යුවළ නිතර නිතර අඩ දබර ඇතිකර ගන්නා බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
අද(17) අලුයම දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් බිරිඳ විසින් නිවස තුළදීම සැමියාට පොරවකින් පහර දී පොරවද රැගෙන හබරණ පොලිසියට පැමිණි බවත් පොලිසිය සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ ඔවුන්ගේ දරුවන් ඥාති නිවසක සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මියගිය පුද්ගලයා මීට පෙර විවාහයක් අසාර්ථක වී දෙවැනි විවාහය සිදු කරගෙන සිටි අයකු බවත් ඔහු යුද හමුදා සේවයේ යෙදී සිට යුද හමුදාවෙන් ඉවත් වූ අයෙකු බවත් පොලිසිය පවසයි.
ඝාතනය කළ බවට සැක පිට පොලීසියට භාර වූ මියගිය පුද්ගලයාගේ බිරිඳ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාන්දරම අහන්න ලැබෙන්නේ අපරාධ. මේ දේවල් වලට හේතුව බොහෝ විට මත්පැන්. මත්පැන් විකුණන එකත් සහගහන අපරාධයක්.
මේවට ප්රධානම හේතුව මිනිස්සු, ආගම දහමට පටහැනිව ජීවිත් වීම, ඉස්සර අපි පුංචි කාලයේ අපේ අම්මා ඕනෑම දෙයක් වුණාම ඉස්සෙල්ලම අපිව අරන් යන්නේ පන්සලේ හාමුදුරුවෝ ලඟට, ඉස්සර පන්සල්වල හාමුදුරුවෝ, මිහිපිට ඉන්න දෙවියන් වගේනේ, ඕන දෙයක් දන්නවා. සිංහල වෙදකම, හඳහන් බලන්න, කොඩිවින, අනවින, හූනියන් ඕනෑම දෙයක් දන්නවා. මිනිස්සු බොහොම බයෙන් ඉන්නේ හාමුදුරුවන්ට... දැන් ගොඩක් ඒවා වෙනස්වෙලා. හාමුදුරුවෝ පන්සල් බෙදා ගන්න නඩු කියනවා.
මේක මහා පව්කාර රටක්. කවදාවත් ගොඩඑන්න බැරි අගාධයකට අපි වැටිලා ඉන්නේ.
පැරකුම් මට මෙතන සැකයක් තියෙනවා! බිරිඳද මැරුවේ? නැත්නම් බිරිඳත් එක්ක හිටපු වෙන කෙනෙක්ද? පසුව බිරිඳ වරද භාර ගත්තද? මොකද මොහුගේ ළමයින් ඉඳලත් නැනේ.
තව අවුරුදු 100ක් ගියත් අපේ රට ඔතනමයි....
පොළොන්නරුවේ අය පොරව පාවිච්චි කරන්නේ දර පලන්න නොව මිනිසුන් මරන්නයි. මට මතකයි මීට පෙරත් බොහොම ප්රසිද්ධ කෙනෙකුගේ සහෝදරයා මරලා තිබුනේ පොරවෙන් ගහලා.