(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)
ගිංතොට සිද්ධිය පාදක කර ගනිමින් ජාතින් අතර අසමගිය වර්ධනය වන ආකාරයේ අදහස් සමාජ ජලා හරහා පතුරුවන්නන් ගැන සොයා බලා නිතීමය පියවර ගැනිමට අපරධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට බාරදී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් අද (19) ලංකාදීපයට පැවසීය.
එම සිද්ධිය සම්බණ්ධයෙන් මේ වන විට ව්‍යාජ තොරතුරු රැසක් සමාජ ජාලා ඔස්සේ පිරිසක් ව්‍යාප්ත කරමින් සිටින බවද එම නිලධාරියා කීවේය.
මෙම චෝදනාවට අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඇප ලබා ගත හැකි වනුයේ මහ අධිකරණයෙන් පමණක් බවත් නඩු විභාගයෙන් පසු වසර දහයක් දක්වා සිර දඩුවම් ලබා දිය හැකි බවත් කියන පොලිසිය ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ තොරතුරු මුදා නොහරින ලෙස ඉල්ලා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මේ ..... "අතීසාරයට අමුඩ ගහලා හරියන්නේ නෑ " රටේ පොදු ජනතාවගේ කුපිතවීම කොහෙන්හරි පුපුරායාම නවත්වන්න බෑ. සුළු ජාතික ඡන්ද බලාපොරොත්තුවෙන් ඔවුනට ඕනේ විගඩමක් නටන්නට ඉඩ හැරීම නවත්වන එක කල යුතුයි. නැතිනම් "විජිත රෝහණ විජේමුණි" හෝ "සෝමාරාම හිමිවරු" ඇතිවීම ඉතා ලගයි.
බොරු පතුරුවන්නන් සොයන්න .. අධිකරණය ඉදිරියට පමුණුවන්න දඬුවම් කරන්න, පටු දේශපාලන අරමුණු ඉටුකරන්න, ජාතිවාදී ගැටුම් ඇතිකරන්න ඇතැමුන් උත්සාහ දරන බවක් පෙනේ... අපේ රටතුල සාමය ඇතිකරන්න.
රහස් පොලිසියට මට ඔත්තුවක් දෙන්න පුළුවන් බොරු පතුරුවන්නන් 225 ගැන ඔවුන් ශ්‍රී ජයවර්ධනපුරදී අත් අත්ඩංගුවට ගත හැක
කටකතා පතුරුවන අය ගැන කියන්න..., රහස් පොලිසිය සම්බන්ධ කරගැනීමේ ක්‍රමයක් හඳුන්වා දෙන්න
සිංහල මිනිස්සුන්ට මොනවා වුණත් වැඩක් නැහැ... අනිත් අයව තමයි රකින්න ඕනෑ..