කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිවරයාට බැනවැදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට විශ්‍රාමික ග්‍රාම නිලධරිවරයෙකු 17 දින සවස අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි.
සැකකරු නවගත්තේගම කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පැවසේ.
තම විශ්‍රාම වැටුප ප්‍රමාදවීමක් සම්බන්ධයෙන් සැකකරු අදාළ පරිපාලන නිලධාරිවරයාට මෙසේ බැන වැදී ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කළ බවත්, ඒ අනුව අත් අඩංගුවට ගත් සැකකාර විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයාව 18 දින ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කරන බවත් නවගත්තේගම පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිසක් විමර්ශන සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නීතිය. ගුරුවරියට බැන්න දේශපාලකයාට සමත මණ්ඩලය? විශ්‍රාමික ග්‍රාම සේවක උසාවියට? හැබැයි නීතිය කටත් පොදුයිලු? එකම පොලිස් ස්ථානයේදී.
මෙවන් රාජ්‍ය ආයතනවලින් වැඩක් කරගැනීමට මහජනතාවට බොහෝ කාලය මිඩංගු කිරීමට සිදුවෙනවා. කිසිම කාර්යක්ෂම සේවයක් අද ලංකාවේ මෙවන් ආයතනවල දක්නට නැහැ. සමහරවිට මෙයත් එවැනි දෙයක් විය හැකියි. සැබෑ තත්වය අධිකරණයට වාර්තා කිරීම පොලිසියේ වගකීමක්.
ෆොටෝ එකේ හැටියට නං මේක ඇමරිකාවේ හරි යුරෝපයේ වෙච්ච සිද්ධියක්...
මේවට තමයි කියන්නේ නිලධාරි වාදය කියලයි.
රාලහාමිලාට තවම මහා බැංකු හොරුන්ව අල්ලන්න බැරිවුනා නේද? දියවන්නා ගොඩනැගිල්ල වැලිකඩ කර වැලිකඩ ගොඩනැගිල්ල පාර්ලිමේන්තුවට යොදාගන්න කාලේ හරි වගේ.
නිසි වයස සම්පූර්ණකළ නිලධාරීන්ට මාස 6කට පෙර අසවල් දින ඔබේ සේවාකාලය අවසන් වෙනවා කියලා දන්වන්න ඕනෑ... ඉන්පසු අවශ්‍ය ලිපි ලේඛන ගෙන්වාගෙන විශ්‍රාම දිනට මාස 3කට පමණ පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යවන්න ඕනෑ. වර්තමානයේ අධ්‍යාපනය වැනි සමහර කාර්යාලවල පුද්ගලික ලිපිගොනුවේ කාර්ය සටහන සකස් කරන්නෙත් නිලධාරියා විශ්‍රාම ගියාට පසුවයි. එහෙම වුණාම විශ්‍රාම වැටුප් සකස් කිරීම ප්‍රමාද වෙනවා. එවැනි අවස්ථාවක් උදාවෙලා තිබේනම් පරිපාලන නිලධාරියා වගකිව යුතුය. පළාත් සභා ඇතිවුණාට පසුව නිලධාරීන්ගේ ලිපිගොනුවල කාර්ය සටහන හදන්නේ නිලධාරීන් විශ්‍රාම යනවිටයි..... එය බරපතල වරදක්..
විශ්‍රාම ගිය මිනිස්සු තමයි පඩි නැතුව මාස 4 ක් 5 ක් දුක් විඳින්නේ. සමහර විශ්‍රාමිකයෝ අවුරුද්දක් විතර දඟලනවා පඩිය හදාගන්න. ණයකාරයෝ පස්සෙන් පන්නනකොට ලිඳකටවත් පැනල තමයි බේරෙන්න වෙන්නේ. මේ ග්‍රාමසේවක මහත්තයටත් යකා වැහිලා තියෙන්නේ ඒක නිසා වෙන්න ඇති.