(කටුනායක ටී.කේ .ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළේ දින තුනක් රැඳි සිටි 34 හැවිරිදි පිලිපීන ජාතික ගුවන් මගියාගේට එසේ නතර වීමට සිදුවූයේ ඔහුගේ වීසා සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කියයි.
වීසා නිසි පරිදි පරීක්ෂා නොකර, තායිලන්තයේ බැංකොක් හරහා මෙම පිලිපීන ජාතිකයා ශ්‍රී ලංකාවට එවා තිබුණ බවත් මෙම මගියා 11/14 දින යූ.එල්.- 217 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා වෙත යෑමට සූදානම්ව සිටියද යානයට ගොඩවීමට පෙර කෙරෙන අවසාන පරීක්ෂණයේදී ඔහුගේ වීසා වල වැරදි සහගත තත්වයක් අනාවරණය වීම මත හේතුවෙන් ඔහුව යානයට නංවා ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කියයි.
පසුව ඔහුගේ ඉල්ලීම මත ඔහුගේ සොහොයුරිය 11/17 දින කටුනායකට පැමිණ , කොළඹදී මෙම වීසා නිවැරදි කර ගැනීමට උත්සාහ කළද , එයද අසාර්ථක වී තිබේ .
ඒ අනුව ඔවුන් දෙදෙනා, එනම් පිලිපීන ජාතිකයා බැංකොක් හරහා පිලිපීනයටත් , ඔහුගේ සොහොයුරිය යළි කටාර් රාජ්‍යය වෙතත් මේ වනවිට පිටත්කර යවා තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින තුනක් ආහාර නොදීම ගුවන් තොටේ තබා ගැනීම ආගන්තුක සත්කාරයට ප්‍රසිද්ධ ශ්‍රීලංකා ගුවන් සේවයට මෙන්ම රටවැසියන් වන අපටද කණගාටුවට හේතුවක්... අපි අසීරුවට පත් අවස්ථාවලදී අප සමග සිටි මේ රටේ ජනතාවට සමාගම කණගාටුව පලකල යුතු වෙනවා...
කාගේ වරදකින් හරි ගුවන් මගියෙකු නොදන්නා රටක අතරමන් වුණු වෙලාවක ඒ මනුස්සයාට කන්න දෙයක් බොන්න වතුර ටිකක් වත් දෙන එක ඒ මනුස්සය ගැන හොයා බලන එක ගුවන් සමාගමේ වගකීම නොවේද? ජනමාධ්‍ය මගින් නොවේද කළ යුත්තේ? මේ මනුස්සයාට දවස් 3ක් කන්න නැහැ. දුරකථන ඇමතුමක් ගන්න විදියක් නැහැ කියලා හෙළිකළේ? මගීන් කොහොමද මේවා ආරංචි වෙන කොට විශ්වාසයෙන් ගුවන් ටිකට් පතක් මිලදී ගන්නේ?
හොඳයි ඔය කියන විදියට වුණා නම් මෙරටට ඔහු පැමිණි ගුවන් යානා සමගම විසින් නැවත වතාවක් ඔහු ගුවන් යානයට ගොඩවුනු ගුවන්තොටුපොළට රැගෙන යාම පිළිගත් සිරිත නොවේද?
මේවට කියන්නේ ශ්‍රී ලන්කන් බයිලා කියලා... වග කිවයුතු ඉහළ නිලධාරී පුටු රත් කරනතාක් කල් පහළ නිලධාරීන් සුව නින්දේ පසුවෙනවා. වගකිවයුතු ඇමතිවරු ..හැංගෙනවා. අනිත් පැත්තෙන් ශ්‍රී ලන්කන් ලෝකේ හොඳම ගුවන් සමාගම කියලා සම්මානත් ගන්නවා. රටේ බහුතරයක් වූ හරක් තණ බුදිමින් නිදැල්ලේ පාවෙනවා. ඒ සියලු දෙනා ඉන්න රට තමයි.
පිලිපීන තානාපති කාර්යාලයක් ලංකාවේ නැද්ද?. අන්තිම වෙනකම් ඉන්නේ පොල් බූරුවෝ තමයි.. පව් අහිංසකයා
එයාලයින් ගුවන් සේවයට මම ආචාරශීලීව හා ගෞරවාන්විතව කතා නොකරමි. ඔවුන් එක් ගුවන් සමාගමක් පමණි.
මෙය වැරදීමක් නෙවෙයි......නොසැලකිලිමත් කම...ඔය මොන රටේ උණත් නිළ ඇදුම ඇඳ ගත්තහම මනුසත්කම අමතක වෙනවානේ.........
මටත් ඔවැනි සිද්දියක් ගිය මාසේ උණා.කතාව බොහොම කෙටියෙන් කියන්නම්. බිරිඳ,දුව සහ මම විනෝද චාරිකාවක් සඳහා සිංගප්පූරුවට ගියා. විසා ගැනීමට මගේ ගමන් බලපත්‍රය දුන්විට අදාළ සටහන් යෙදීමන් පසු එම නිලධාරිය නැවත මගේ ගමන් බලපත්‍රයේ පිටු පෙරලා බැලීය. ඒ සමගම චීන බාසාවෙන් අනික් නිලධාරීන් සමග කතාකොට අර සටහන් කුරුටුගා මාව ආරක්ෂක නිලධාරීන්ට බාර දුනි. මම ඒ යන ගමන් ස් ස් කියා ඈතින් සිටි බිරිදට කතාකොට මහපට ඇඟිල්ලෙන් සිද්ධිය පෙන්වූයේය. මාව කාමරයකට දැමූ පසු නිලධාරියෙක් පැමිණ මගෙන් මෙහි පැමිණියේ ඇයි කියා ඇසුවේය අපි විස්ට් එකකට පැමිණි බව කීව. කොහෙද නවතින්නේ ඇසුවා. මම කීව ඒගැන මම දන්නේ නැත සියලුදේම සංවිධානය කලේ මගේ දුව එයාගෙන් අහන්න කියල. ඒ නිලධාරිය කීවා මගේ ගමන් බලපත්‍රයට අනුව මට සිංගප්පූරුවට ගොඩ බැසීම නොහැකි බවත් මගේ බිරිඳට සහ දුවට ප්‍රශ්නයක් නැතිබවත් මම ඊළඟ ෆ්ලයිට් එකේ ආපසු ලංකාවට යායුතුබවත්ය. මමකීව ඔකේ ප්‍රශ්නයක් නැහැ. ඊටපසු එම නිලධාරිය නැවත මගේ බ්රින්ද සහ දුව සමග සියලු විස්තර කතා කර දුවගේ කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව නිසා විශේෂ බලපත්‍රයකින් විශේෂ දොරටුවකින් සිංගප්පූරුවට ඇතුල් වීමට ඉඩ දුන්නා. .
ලෝකෙ කොහෙවත් (ලංකාව ඇතුලුව) ගුවන් යානයට නැගීමට පෙර වීසා බලන්නෙ නෑ. බෝඩිං පාස් එක විතරයි බලන්නෙ. වැරැද්ද වහගන්න බොරු කියනවා අපේ ගුවන් සමාගම. ලැජ්ජයි.
කියක් හරි අට මිට මෙලෙව්වනම් ඔක්කොම වෙයි.............
මගියා රැඳුනු කාරණේ කුමක් උනත්, දවස් තුනක් බඩගින්න්නේ හිටියේ සිංහල බෞද්ධයින්ගේ කරුණාව නිසා.
ටික කලකට පෙර අවමගුලකට සහභාගී වීමට මම සහ පවුලේ පිරිස හදිසියේම ලංකාවට ආවා . ඔන්ලයින් ටිකට් ගත්තේ ගුවන් යානය පිටත් වීමට පැය කිහිපයකට කලිනුයි . ආසන සියල්ල පිරී ඇති බැවින් අපි හතර දෙනාට තනි තනි ආසන හතරක් මිසක් එකලඟ ආසන ලබා ගැනීමේ හැකියාවක් ඒ මොහොතේ තිබුනේ නැහැ . නමුත් මම මෙල්බර්න් ගුවන් තොටුපොලේදී මට එකලඟ ආසන ලබාගන්න පුලුවන්ද කියා ඇසුවාම එහි සිටිය බෝඩින් පාස් නිකුත් කරන කවුන්ටරයේ සිටිය තරුණියක් පැය කාලකට වඩා මා වෙනුවෙන් වෙහෙසී ආසන කලින් නියම කර නොමැති මගීන් ගේ ආසන වෙනස් කර මට එකලඟ ආසන මෙල්බර්න් සිට සිංගප්පුරුවටත් එතනින් ලංකාවටත් ලබා දුන්නා. මම ආපසු එද්දී කටුනායකදීත් ඒ උදව්වම ඉල්ලුවා . ආසන වෙනස් කල නොහැකි බව පමණක් කටුනායක හිටිය ආඩම්බර කාරියන් මට කිව්වත් එදින ගුවන් යානා දෙකේම (එමිරේට්ස්) ගුවන් සේවිකාවන් අපිට එකලඟ ආසන වලට සුහද මාරු ලබාදීමට කටයුතු කළා. දෙදහස් පන්සීයක ඉතිහාසය ගැන කතා කලාට අපෙ ගුවන් සේවකයින් ඉන්නේ වර්තමාන ලෝකයට දෙදහස් පන්සීයක් පසුපසිනුයි
සිටිසන් - ඔබ ලියා ඇති දෙය වැරදියි. ඕනෑම ගුවන් සේවයක ගමන් කල මගියෙකු යාමට බලාපොරොත්තු වන රටට ඇතුළු වීමට හැකියාව නැත්නම් (වීසා ඇතිව හෝ නැතිව) ආපසු එම මගියා ගමනාන්ත ගුවන් තොටුපළෙන් නැවත අරගෙන යාමට එම ගුවන් සමාගමට සිදුවෙනවා. එම නිසා ඕනෑම රටක ඕනෑම ගුවන් සේවයක් යන ගමනාන්ත රටට ඇතුළු වීමේ හැකියාව ඇත්ද යන්න සොයා බලනවා. මේ අවස්ථාවේ ශ්‍රී ලන්කන් එකේ බැංකොක් වලදී එම පරීක්ෂාව සිදුවී නැති බවයි පෙනෙන්නේ. ගමනාරම්භය බැංකොක් නොවී වෙනත් රටක වෙන ගුවන් සේවයක් වුණානම් එම පරීක්ෂාව එහිදී සිදුවිය යුතුයි. නොදැන වැරදි තොරතුරු ලියන්න එපා. කටාර්වලදී නමක අකුරක් වැරදුනත් ආපසු එම මගියා රැගෙන යාමට ගුවන් සමාගමට සිදුවන නිසා හැම ගුවන් සමාගමක්ම කටාර්යන මගීන් ගේ වීසා ගැන සැලකිලිමත් වෙනවා.
බොහොමයක් ශ්‍රී ලංකික සිංහල අය පරිපාලනයට නුසුදුසු වෙනවා රටේ පාලනයත් එහෙමය ...........අකාරුණිකය ව්‍යාපාර අධ්‍යන දැනුම මදි පිලිපීන කාන්තාවන් මේ කරුණු වලින් ඉහල මට්ටමක ඉන්නවා තම සේවාදායකයන්ට සුහදව කතා කරනවා එම රටේ ආගමික පල්ලි වලින් මේවා උගන් වනවා අපේ රටේ උගන්වන්නේ දේශපාලනය, අන් අය විවේචන, මඩ ව්‍යාපාර පමණි..........
මමත් රටවල් ගණනකට ගිහින් තියෙනවා ලෝකේ ඉතාම අඩු සේවා සහා නොදියුණු ගුවන් තොටුපල නැතුවම නොවේ. නමුත් ලංකාවේ ගුවන් සේවා හා ගුවන් තොටුපල සේවක අය තරම් ලොකු සෝබන , උද්දච්ච , බොරු මාන්නෙ කිසිම පළපුරුද්දක් නැති, පගාවට මුල්තැන දෙන රටක්නම් නැති තරම්. බලන්න පාන්දරින් ගුවන් තොටුපලට ඇතුල්වෙලා ඔක්කොම වගේ ඉන්නේ ඇස් රතුවෙලා නිදිමරගතේ කිසිම ප්‍රසන්න ගතියක් නැ. එතනින් එලියට ආවහම වාහන , බැංකු , පස්සෙන් පන්නනවා, කිසිම පෞද්ගලිකත්වයක් නැහැ නිවසට එනකන්. ඉතින් අතරමන් වෙච්ච මගියෙකු ගැන මොන කතාද ????????????
රට මොකක් උනත් අාගන්තුකයට අපි සලකන හොද ගතිගුණ ඇති රටකට ගැලපෙන්නේ නෑනේ කරපු වැඩේ.............