මුතුරාජවෙලට කුණු දැමීම-අතුරු තහනම දිගු කෙරේ මුතුරාජවෙල අභය භූමියට කුණු බැහැර කිරීම හෝ කුමන ආකාරයේ කසල එකතු කිරීමෙන් කොළඹ මහනගර සභාව ඇතුළු බලධාරීන් වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කළේය. 03 August 2017
යාපනයේ තරුණයින් දෙදෙනකු කපාකොටා දාලා යාපනය චුන්නාකම් පොලිස් වසමේ කන්කසන්තුරෙයි මාර්ගයේ දී නාඳුනන යතුරුපැදි කණ්ඩායමක් පැමිණ තරුණයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඇති බවත් කැපුම් තුවාල ලැබූ තරුණයින් රෝහල්ගත කරනු ලැබ ඇති බවත් චුන්නාකම් පොලිසිය පවසයි. 03 August 2017
ලක්ෂ පහක රන් බඩු කොල්ල කෑ තුනක් අත්අඩංගුවට පයාගල ,මතුගම,දොඩම්ගොඩ හා වැලිපැන්න පොලිස් වසම් වල මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් රන්මාල 12 ක් කොල්ල කෑ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 August 2017
ආදී වාසීහු මී පැණි පුජා කරති ආදි වාසින් ශ්‍රී දළදා වහන්සේ උදෙසා සම්ප්‍රදායිකව පවත්වන මී පැණි පූජාව ප්‍රධාන වැදි නායක විශ්ව කීර්ති වනස්පති උරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැත්විණි. 03 August 2017
වාසනා ඇතාගේ ඇස් අන්ධ කරන්න එපා කතරගම මහා දේවාලයේ දේව පිළිමය වැඩම කරවන වාසනා හස්තියාගේ ඇස් වලට හානි සිදුවෙන බැවින් කරඬුව වෙත සුවඳ විලවුන් විදීමෙන් සහ සුවද වර්ග විසි කිරීමෙන් වළකින ලෙස කතරගම මහා පෙරහරේ අලි ඇතුන් බාරව ටයුතු කරන වනජීවී දෙපාර්තමේන්තුවේ දකුණු හා නැගෙනහිර පළාත් බාර පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා සියලු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී. 03 August 2017
ඇලෝසියස්ගේ ඇපල් ගිණුමට ඇතුළුවීම තහනම් කෙරේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ ඇපල් ගිණුමේ දත්ත මකා දැමීම සඳහා එයට ඇතුළුවීම තහනම් කරමින් බැඳුම්කර කොමිසම අද(3) නියෝගයක් නිකුත් කළේය. 03 August 2017
සීදුවේ වෙඩි තැබීමක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු හා තවත් පිරිසක් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබෙන අතර ව්‍යාපාරිකයා සිය ගිනි අවියෙන් වෙඩි තැබීමක් ද සිදුකර ඇති බවද පොලිසිය කියයි. 03 August 2017
නව පළාත් පාලන සංශෝධනයට විරුද්ධයි කාන්තා නියෝජනයේ 25% නව පළාත් පාලන සංශෝධන කෙටුම්පත තුළින් අහිමි වන නිසා තමන් එයට විරුද්ධ බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. 03 August 2017
කෝපායි සිද්ධියට තවත් දෙන්නෙක් සැකපිට යාපනය කෝපායිහී දී පොලිස් නිලධාරීන් දෙදෙනකු කපා කොටා තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු කෝපායි හා නල්ලූර් ප්‍රදේශවලදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද (03) අත්අඩංගුවට ගනු ලැබු බව පොලිසිය කියයි. 03 August 2017
සයිටම් විරෝධීහු පාසල් බිම කුණු ගොඩක් කරති මහනුවර සිට කොළඹ බලා ගමන් කරන සයිටම් විරෝධී පාගමනේ යෙදුණු පිරිස් ඊයේ (02) පස්වරුවේ වේවැල්දෙනිය ප්‍රාථමික විද්‍යාලීය භූමියේදී දිවා ආහාරය ගෙන පාසල් බිම එකම කූණු ගොඩක් බවට පත්කර ඇති අයුරු අද (03) පාසලට පැමිණි අවස්ථාවේ දී දුටු බව විදුහල්පති කහවනුගොඩ විමලධම්ම හිමියෝ පැවසූහ. 03 August 2017
ඇලෝසියස්ගේ කෙටි පණිවිඩ නීතිපති දෙපාර්තමේන්තුවට පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ගේ ඇපල් ගිණුමේ තිබූ කෙටි පණිවිඩ කිහිපයක් යළි සොයාගෙන අද(3) නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරිණි. 03 August 2017
වවුනියාවේ වැව් සිඳි යයි වැව් නිමා පුරවරය නොහොත් වවුනියාවේ කුඩා වැව් 90%කටත් වඩා සම්පූරණයෙන්ම සිඳී යාම නිසාවෙන් වවුනියාවේ වැසියෝ දැඩි පීඩාවට පත්ව සිටිති. 03 August 2017
කාත්තාන්කුඩි ප්‍රහාරයට වසර 27යි කාත්තාන්කුඩි පල්ලියට 1990 වසරේ අගෝස්තු 03 වැනි දා එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයෙන් මිය ගිය 103 දෙනාගේ 27 වැනි සැමරුම අද (03) පැවැත්විණි. 03 August 2017
ඇලෝසියස්ගේ මඟුලට මෛත්‍රී සහ මහින්දත් ගියා - රවී කරුණානායක නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් පෙන්වා දුන් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයට අදාළ ඩිජිටල් වෝහාරික වාර්තාවේ ඇති එස්.එම්.එස්. පණිවුඩ පිළිබඳව තමාට මතකයක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (02) පැවසීය. 02 August 2017
සයිටම් ප්රශ්නය විසඳන්න වෛද්‍ය පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ හතරක් මාලබේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීම නවතා දමන්නැයි නිර්දේශ කරමින් රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ අටේ පීඨාධිපතිවරුන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වෙත ලිපියක් යවා ඇත. 02 August 2017
කෝටි 55කට චෛත්‍ය අනුරුවක් විකුණන්න හැදූ දෙන්නෙක් දැලේ මිල කළ නොහැකි ඉපැරණි වටිනාකමකින් යුත් රතු හා නිල් මැණික් ඔබ්බවන ලද දඹරන් පිළිමයක් සහිත කළුගලින් නිමවූ වෛත්‍ය අනුරුවක් රුපියල් කෝටි 55කට විකිණීමට උත්සාහ කළ හිටපු නාවික හමුදා සෙබළකු හා ත්‍රී රෝද රියදුරකු ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව අසලදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන අංශය පවසයි. 02 August 2017
මහනුවර අවසන් කුඹල් පෙරහරින් මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාව අභියසින් අද (02) වයඹ දිශාභිමුඛව ගමන් කළේය. 02 August 2017
සයුරළ නෞකාව ජනපති අතින් නාවික හමුදාවට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම අරමුණින් ඉන්දියාවේ නිෂ්පාදනය කර කොළඹ වරායට රැගෙන ආ අධි තාක්ෂණික ගැඹුරු මුහුදු නීරික්ෂණ නෞකාව ‘‘සයුරළ නමින් ’’ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා අතින් අද (2) සවස අධිකාරියට පත්විය. 02 August 2017
20වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය සියලු පළාත් සභාවල ඡන්ද විමසීම එකම දිනයක දී පැවැත්වීමට හැකි විධිවිධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. 02 August 2017
මංගල මාධ්‍ය කලාව ගැන කියයි රජය මාධ්‍යවේදීන්ට නීති හෝ ආචාරධර්ම පැනවීමට පියවර නොගන්නා නමුත් ස්වයංව නීති රීති පනවාගෙන ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමේ වගකීමක් මාධ්‍යවලට තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 02 August 2017
වරාය විවාදය කඩාකප්පල් කිරීම ගැන දයාසිරි කියයි හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අදහස් දැක්වීමට ආණ්ඩුව ලබාදුන් විවාදය ඒකාබද්ධ විපක්ෂය කඩාකප්පල් කරනු ලැබුවේ එක්තරා තානාපති කාර්යාලයක අවශ්‍යතාවයක් ඉටුකිරීමට යැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. 02 August 2017
පාදෙණියට එරෙහි පෙත්සම කල් යයි මාලබේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් දෙන ලද නඩු තීන්දුව අපහාසාත්මකව විවේචනය කිරීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපාහාසයක් සිදු කරන ලදැයි කියමින් ගොනු කළ පෙත්සම ලබන සැප්තැම්බර් 08 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (02) තීන්දු කළේය. 02 August 2017
පෑලියගොඩ පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කළ සයිටම් විරෝධී පාගමන සිකුරාදා(4) පෑලියගොඩින් කොළඹට ඇතුළුවීම තහනම් කරන ලෙස පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද(2) ප්‍රතික්ෂේප කළාය. 02 August 2017
‘මා කිසිවක් දන්නේ නැහැ’ - රවී කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් එම නිවස මිලට ගැනීමට කටයුතු කර ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්යක්ෂධුර දරන සමාගමෙන් යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ අද (02) පැවසීය. 02 August 2017
“මුරපදය දුන්නානම් කතාව ඉවරයිනේ“ අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය’(Password) ලබා දුන්නා නම් කතාව එතැනින් අවසන් බව දැනුම් දුන් කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා එම තොරතුරු ලබා නොදෙන්නේ ඇයිදැයි අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරුන්ගෙන් විමසීය. කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී අධිකරණය ඇමතූ අර්ජුන් ඇ 02 August 2017
විශේෂ පොලිස් මෙහෙයුමකින් 2717 ක් අත්අඩංගුවට දිවයින පුරා අපරාධ සහ රිය අනතුරු නිවාරණ මුල් කොට විශේෂ පොලිස් මෙහෙයුමක් ඊයේ රාත්‍රී 11 සිට අද (2) අලුයම 4 දක්වා සිදු කළ වැටලීමකින් පුද්ගලයන් 2717 අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 02 August 2017
කෝපායි සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ් යාපනය කෝපායිහීදී රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීෂ්කරන් මහතා අද (02) නියෝග කළේය. 02 August 2017
දන්ත වෛද්‍යවරු අනතුරු අඟවති රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් නීති විරෝධී අන්දමින් නෙවිල් ප්‍රනාන්දු රෝහලට අනුයුක්ත කරන්නට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කටයුතු කළහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව එම සංගමයේ ලේකම් දන්ත ශල්‍ය වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 02 August 2017
‘වැරදි ඔප්පු වුණොත් රවී ගැන ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගන්නවා‘ අමාත්‍ය රවී කරුණානායක මහතා වරදක් කර තිබෙන බවට ඔප්පු වුවහොත් ආණ්ඩුව සහ පක්ෂය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි. 02 August 2017
පූටින් ජනපතිට දුන් කඩුව කටුගෙට රුසියා ජනපති වැලැඩිමියර් පූටින් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් ලෙස පිරිනැමූ කස්තාන කඩුව ජාතික උරුමයක් බවට පත් කිරීමේ අරමුණින් ජාතික කෞතුකාරගයට බාරදීමේ උත්සවය අද(2) පැවැත්විණි. 02 August 2017
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026