(අංජුල මහික වීරරත්න)
කොළඹ කොටස් වෙළඳපොල සංවිධානය කරන "ඉන්වෙස්ට් ශ්‍රී ලංකා"සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (01) සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතව ඇත.
ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා අනිද්දා (02) සිංගප්පූරුවේ ‘ෆෝ සීසන්ස්’ හෝටලයේදී පැවැත්වෙන මෙම සමුළුවට කලාපීය මුල්පෙළේ ආයෝජකයින් රැසක් සහභාගී වීමට නියමිතය.
මෙම සමුළු මීට පෙර එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ හොංකොං යන රටවල සංවිධානය කර ඇත.
2018 වසරේ ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීමත් සමඟ දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතා ඉහළ තලයකට නැංවුණු අතර, ඒ ගිවිසුම ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන ප්රතිලාභ ඉහළ නැංවීමටද මෙම සමුළුව ඉවහල් වනු ඇත.
සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස් ඊස්වරන්, ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරු ඇතුළු ආරාධිතයෝ රැසක් මෙම සමුළුවට සහභාගී වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමා ශුවර් එකට අර්ජුන අැලෝසියස් හමුවේවි !!!
ආ ඉතිරි ටිකටත් යාලුවත් එක්ක සෙට් වෙලා වැඩේ දෙන්නද හදන්නේ...?
ෂුවර් එකටම යාළුවාව එක්කරගන එනවා. නැත්නම් කීයක් හරි ඉල්ලගන්න යනවද දන්නේ නෑ.
ගජ මිතුරාගේ සැප දුක බලන්න වෙන්න ඇති...
වෙන රටවල නායකයෝ විදේශ රටවල සම්මේලනවලට යන්නේ සංවර්ධනයේ ප්‍රගතිය අනික් රටවලට පෙන්වා දීමට. හොරුන්ට රැකියා දීලා රටේ ධනය කොල්ල කන්න ඉඩ දීලා හොරුන්ව ආරක්ෂා කරලා අනික් රටවල නායකයින් මුණ ගැසෙන්න යන්නේ නිරුවත පෙන්නන්නද කියලා කවුද කියනවා අපට ඇහුණා. කොතරම් නිරුවත් වුණත් ටයි පටිය නම් අමතක කරන්න එපා. විලි වහගන්න. ඒක හරි ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. කවුද ඉතින් දන්නේ?
යාලුවත් හම්බවෙලා එයි එහෙනම්...
ඔන්න දැන් පුළුවන් වේවි බැංකු හොරා අල්ලාගන්න... මෙයා පස්සෙන් ගියොත්..,
යාලුවො හමුවෙන්න නොවෙයි.. රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක්...
ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම වැඩිපුර වාසි ලංකාවටද නැත්නම් සිංගප්පුරුවටද කියන එක තමයි ප්‍රශ්නේ.
මහේන්ද්‍රන් මහත්යව හම්බුනොත් අපි මතක් කලා කියන්න
කොහෙන් හිනා වෙන්නද මේවට..? ඔය ගමන්ම අර මෙහෙට ගෙනාපු ඔබ තුමාගේ යාලුවා ," අර්ජුන් ගොයියත් " හම්ම්බවෙලා අපේ අධිකරණය ට අපහාස නොකර,හිනාවට ලක්නොකර ඇවිල්ල යන්නත් කියන්න. අපේ නඩු කාරයෝ බයයි කියන්න අර රිමාන්ඩ් එකේ ඉන්න නරි බැණා වන ඇලෝසියස් ගොබිලවත් ඔහේ වෙනුවට ඇවිත් අධිකරණයේ පෙනී සිටිනකන් වත් ඇපයට තියාගන්න . ලංකාවේ පොඩි මිනිසුනට නම් එහෙමකරනවා කියන්න පොලිසියෙන් .එතකොට බය වෙලා එයි...!
මේ පිංගුත්තරයා සිංගප්පුරු යන්නේ හොර ගෝලයාව ගේන්නද? ආයෙමත් ගිහින් කලින් ඇතිකරගත් කුමන්ත්රණයේ ගතමනාව අරගෙන එන්නද?මොහු මේ රටට ලොකු විනාශයක් කරනවා.එහි කොන්ත්‍රාත්තුව තමයි ඉටු කරන්නේ.මෙවන් වසලයින් ලංකා පොළොවෙන් පලවා හැරිය යුතුය.
අර්ජුන් වත් එක්ක එන්න. ඔයාව මතක නැහැ කියයිද දන්නේ නෑ හැබැයි.
2015 දී අපේ රට බේරාගත්තේ ඔබයි. නමුත් රටේ දියුණුව බොහෝ මන්දගාමියි. විදේශ ආයෝජන ගෙන ඒමට දක්වන සැලකිල්ලක් කොහෙත්ම නැහැ. පඬරැලක් වැනි තවත් කෙනෙක්ට යට නොවී සිටින්න. සරත් ෆොන්සේකා වැනි අය ගෙන් වැඩගන්න බයවෙන්න එපා.
රනිල් මහත්තයෝ, අර්ජුන් මහේන්ද්‍රන් ගජයාව ආදරෙන් මතක්කලා කියන්න.
අර්ජුන් මහේන්ද්‍රන් මහත්තය හමු වෙලා ඔහුට ලංකාවට එන්න කියල කියන එකක් නැහැ මම හිතන්නේ.
සමුළුව මුවාවෙන් ගිහින් යාලුවත් මුණ ගැහිලා ඉදරි වැඩ පිළිවෙලත් කතා කරගෙනම එන්නකෝ.
මහේන්ද්‍රන්ට උපදෙස් දෙන්නද යන්නේ? ආපහු එන ගමන් පරිස්සමින් මහේන්ද්‍රන් එක්කං එන්න.
ඔබතුමා යාළුවා හමුවෙන්න යනවැයි ?
යාළුවා එක්ක එන්න වෙන්න ඇති......
අර්ජුන් මහේන්ද්‍රන් වත් හොයාගන වර....
අහ එහෙනම් අර්ජුන මහේන්ද්‍රන් එක්කගෙනම එන්න පුළුවන් යාළුවා නිසා.....
ෆොටෝ ගහල පත්තරේ දාන්න.....
මෙයා අගමැති වෙලා ඉන්නේ පින් සවාරි ගහන්න ඕන හින්දයි කරන ඇති කෙන් ගෙඩියක් නෑ පින් අගමැති කියල නම වෙනස් කරනම් හොදයි.......................
කනක් ඇහිලා ඉන්න වෙන්ඩ ඇති යන්න ඇත්තේ .