ලක්ෂ 20 ක මුදල් හා දේපල සොරා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට
මොරටුව,දෙහිවල,කොහුවල හා ගල්කිස්ස පොලිස් වසම්වල රාත්රී කාලයේ වෙළඳසැල් නවයක් බිඳ ලක්ෂ 20 කට ආසන්න මුදල් හා දේපල සොරා ගත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙක් මිරිහාන විශේෂ අපරාධ ඒකකය මගින් අද (2) අත්අඩංගුවට ගනු ලැබීය.