ඩයනා උදයංගනී
පළාත් පාලන ආයතන පිහිටුවද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩි බලයක් ලබා දීමට කැමැති නම් එජාපය සහ පොදුජන පෙරමුණ ඇතුළු ඕනෑම කණ්ඩායාමකට සහාය ලබා දෙන බව සන්ධාන මහලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පළාත් පාලන ආයතන 167ක බලය තීන්දු කරන රිමෝට් එක තිබෙන්නේ සන්ධානය අතේ යැයි කී මහ ලේකම්වරයා තම සහය ලබා දෙන්නේ කුමන කණ්ඩායමකටද යන්න මෙතෙක් තීන්දු කර නැතැයි ද ප්‍රකාශ කළේය.
තම කණ්ඩායමට වැඩි බලයක්දීමට සූදානම් නම් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ස්වාධීන කණ්ඩායමක්, මුස්ලිම් කොංග්‍රසය හෝ ඕනෑම කණ්ඩායමකට සහයෝගය ලබාදෙන බව කී මහින්ද අමරවීර මහතා එසේ තම බලය තහවුරු කරගන්නා ආසනවල පිරිසිඳු පාලනයක් ගෙනයමින් සංවර්ධනය ළඟාකරදීමට සූදානම් බව ද කියා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා.... රිමෝට් එකේ බැටරි කොහෙද දන්නේ නැහැ තියෙන්නේ..? දැන් හෙන විහිළු කාරයා වෙලා වගේ.
තව දුරටත් එජාපෙ පිටුපස යන්නේ ළඟ එන ඡන්දෙදි තියෙන 12% ත් නැති කරගන්න
මේ දේවල් දකින්නේ කෑදර කමක් ලෙසින්. මේ බලලොබී දේශපාලනය නිසා රටවැසියන් බොහොමයකට හරියට කෑම වේලක් නැතුව දුක් විදිනවා. රට වැසියන්ට සේවය කරනවා වෙනුවට , තමන්ටයි පක්ෂයටයි සේවය කරන්නේ. ඔවද පොරොන්දු ? රිමෝට් මොන තරම් තියා ගත්තත් මහජනයාට ඇති සෙතක් නැහැනේ.
ඒ වුණාට රිමෝට් එකට බැටරි නැති එකනේ ප්‍රශ්නේ !!!
කවදද ඔය කියන සංවර්ධනේ දෙන්නේ? අනික මොකකටද ඔයාලා සංවර්ධනේ කියන්නේ?
ඔබතුමාගේ රිමෝට් එක අපි ළඟ බව අමතක කරන්න එපා
බලය, බලය, බලය. ඕක විතරයි ලංකාවෙ දේශපාලකයින්ගෙ කටේ තියෙන්නේ. බලය ලබා ගැනීමත් එය වැඩි කරගැනීමත් තමයි ඔවුන්ගේ ප්‍රධාන අරමුණ. ඒක ගැන විතරයි උදේ පටන් රෑ වෙන තෙක් හිතන්නෙ. මහතුනේ දැන්වත් රට ගැන කතා කරන්න. අහිංසක ජනතාව ගැන කතා කරන්න. ඔවුන් ගැන හිතන්න. මේ විදියට ගියොත් අනාගත පරපුරට මොනව වෙයිද කියල හිතන්න.
අනේ මෙයාගේ රිමෝට් එක. දැන් වෙලාවක ඒකේ වැරදි බොත්තමක් ඔබලා මෙයත් එළියට විසි වෙයිද දන්නේ නැහැ. මෙච්චර කාලයක් දේශපාලනය කරලත් මෙයා දන්නේ නැහැ සැබෑ රිමෝට් එක තියෙන්නේ බුද්ධිමත් ඡන්දදායකයා ළඟ බව. මේ ලඟදි ජනතාව තමන්ගේ රිමෝට් එකෙන් පුංචි පහේ සෙල්ලමක් කරලා පෙන්නුවා නේද ?
එක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොන්ග්රසය, පොදුජන පෙරමුණ, ස්වාධින හෝ ඕනෑම කණ්ඩායමක් සමග එකතුවීමට කැමැත්ත පළකිරීම තුලින්ම මටනම් පෙනෙන්නේ ආරම්භයේදීම තම පක්ෂය හා තම ව්‍යවස්තාවන් පාවාදී ඇති බවයි. එහෙම කරලා තව පිරිසිදු පාලනයක් ගෙනියන්නත් බලාපොරොත්තු වෙනවලු. මේ අය කාවද මේ රවටන්නේ. කවුරු එක්ක හරි කමක් නෑ එකතු වෙලා බලය ලබා ගන්නයි ඕන කරන්නේ. ඔය කියන පිරිසිදු පාලනය පාර්ලිමේන්තුවේ ඉදන් කරන්න බැරි දෙයක් වෙන්න ඇති.
ආයතන දෙසිය ගණනක් පාලනය කරපු පක්ෂය... දැන් භාගෙට ටිකක් වැඩියෙන් තියෙන්නෙ රිමෝට් එක...අඬ අඬා කියන්න ඕනෙ ඒවා හිනා වෙවී කියන්නේ...
රිමෝට් එක තියෙන්නේ ජනතාව අතේ බව තම තේරුණේ නැද්ද?
අවස්ථාවාදී, කුහක, කුජීත දේශපාලනය කියන්නේ මේකට තමයි. මීලග ඡන්දෙදී මෙතුමන්ලාව හේදිලා යන එක නියතයි.
රිමෝට් එක මෙයා ලග බැටරි කෑල්ල මහින්ද ළඟ
ඒ වුනාට රටට වැඩක් වෙන්නේ නැහැනේ, ලොක්කෝ දෙන්නගෙම රිමෝට් තියෙන්නේ ඉන්දියන් තානාපති ළඟයි, ඇමෙරිකන් තානාපති ළඟයිනේ. රටේ ජනතාවට ඕනේ මේ රටට හිතවත්ව වැඩක් කරන රජයක්.
පුරාජේරු නවත්වලා මේපාරවත් රටට වැඩක් නොකලොත් ටී.වී.රිමෝට් එක තමා ඉතුරු වෙන්නෙ...
කොහොමද පරාද වෙලත් තියෙන සද්දේ? අඩු බලයක් තියාගෙන වැඩි බලයක් ගන්න කල්පනාව...
මෙපමණ පරාද වෙලත් කටේ නරිවාදම අඩු වෙලා නැහැ.
කුජීත වෙන්න පැරදිලා තවත් පූචානම් කියනවා.. මෙයාලා ජනතාවට පෙන්නන්න හැදුවේ ආණ්ඩුවේ ඉන්න UNP කාරයෝ තමයි වැරදි කරන්නේ මෙයාලා තමයි ඒවා නිවැරදි කරන්නේ කියලා.
ඔබතුමාලා ඡන්දෙ ඉල්ලුවේ නම් පාලනයට නේද? රිමෝට් කොන්ට්‍රෝල් එකට නොවේ.
ඔය පොහොට්ටුවට නම් ගෑවෙන්නවත් එපා. එය ඉබේම පරව යන්න දෙන්න.
බලය ගැනම තමා කතාව. රටට සේවයක් වෙන ගමට සංවර්ධනයක් වෙන දෙයල් ගැන කතා කරන්නේ නැහැ.
එකේ ඇත්තේ බැහැපු ලීක් වුනු බැටරි නේ ගරු ඇමති තුමා ?
ඉදිරියේදී ජනතාව හොඳට කියා දේවි බලය පිහිටුවන හැටි.
අනේ පවු.තවමත් ජනමතය මොකද්ද මිනිස්සු ඉල්ලන්නේ මොකද්ද කියල තේරුම් අරන් නැතිව වහසිබස් කියවන හැටි.මිනිස්සුන්ට ඕනි ඔබ තුමාලගේ රිමෝට් එකවත්, බොරුවලින් විලි වසාගැනිල්ලවත් නෙවෙයි.ජීවත් වෙන්න අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරා විදියක්.ඩොලර් එක, ජීවන බර අහස උසට ගියාට කමක් නෑ. ඔබතුමාලා පරාජය හංගාගන්න.
වාචාල කමට තවමත් කයිවාරු ගහනවා.......
මෙයාල එහම හිතන හින්ද තමයි පැරදුනේ....................
TV එක දැන් රිමෝට් බවට පහතට වැටිලා. ඕකේ බැටරි කෑලි දෙක ගලවුනාම.....මොකද වෙන්නේ................
පරාද වෙලත් වැඩි බලතල තමයි ඕන
රිමෝට් එක අතේ තියාගෙන සිටියට එක හරියට පාවිච්චි කරන්න දන්නේ නැත්නම් මොකද කරන්නේ ? දැන් කරන්න තිබෙන හොඳම දෙය ඔය රිමෝට් එක පැත්තකින් තියලා වෙන දෙයක් බලාගෙන ඉන්න.
මේ ලෝකේ ඉන්න පලවෙනි මිනිසා "ජීව විද්‍යානුසාරයෙන් " විද්‍යුත් පරිපත පිලිබදව පස්චාත් උපාදිය ඉහලම සාමාර්ථයක් සමගින් සමත් වෙලා තියෙන. බලන්නකෝ එකෙත් වැඩේ හැටි ...අපරාදේ මේ හිගන දේශපාලයන කලේ මේ "මිනිහ".