සුජිත් හේවාජුලිගේෙ
ඇමැතිවරුන්ට ඕන ඕන විදියට කැබිනට් සංශෝධන කළ නොහැකි යැයි රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (26) පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය අමාත්‍යාංශය බාර ගත්තේ සති දෙකකට පමණක් යැයි කී රාජිත සේනාරත්න මහතා ඉන්පසුව එම ඇමැති ධුරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත්කරන බවද කීය.
රාජිත සේනාරත්න මහතා එහිදී මෙසේද කීවේය.
මෙම ඇමැති පදවියට කෙළින් තීන්දු ගන්නා දක්ෂයෙක් අවශ්‍යයි. ඩබල් ගේම් ගහන අය මේ තනතුරට සුදුසු නැහැ. ෆොන්සේකා මහත්තයා මේ තනතුරට පත් කරනවාට පොලිසියේ ඉහළ නිලධාරින් අකමැති වුණාට පහළ නිලධාරින් කැමැතියි. සරත් ෆොන්සේකා කියන්නේ හොඳ රණවිරුවෙක්.
රණවිරුවන් ගැන මහ ඉහළින් කතා කරන අය ඒක පිළිගන්න ඕනෑ. මිනී මරපු, කොල්ලකෑම් කරපු අයත් අද රණවිරුවන් ලෙස නම් කරලා තියෙනවා.
‘‘ඇමැති ධුර සදාකාලික නැහැ. දෙපැත්තේ කකුල් දෙක තබාගෙන ඉන්න අය කැබිනට්ටුවෙන් ඉවත් කළ යුතුයි. ඇමැතිවරුන්ට අවශ්‍ය විදියට කැබිනට් මණ්ඩල හදන්න බැහැ. පක්ෂවල තීන්දු නොව ජනාධිපතිවරයා හා අගමැතිවරයා සාකච්ඡා කර සුදුසු තීරණ ගත යුතුයි.
කැබිනට් සංශෝධනය කොමඩියක් යැයි හිටපු ජනාධිපතිවරයා කියලා තිබුණා. නමුත් එදා එතුමන්ලා කැබිනට් සංශෝධන කළේ ඇමැතිවරුන් මට්ටු කිරීමටයි.
මේ කැබිනට් සංශෝධනය ගැන යම්යම් ඇමැතිවරුන් අදහස් ප්‍රකාශ කරලා තියෙනවා දැක්කා. ඒ අය බලාපොරොත්තු වුණ අමාත්‍යාංශ නොලැබුණාම එහෙම කතා කියනවා. ඇමැතිවරුන්ට ඕන විදියට කැබිනට් සංශෝධන කරන්න බැහැ යැයි ද ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙරෙයි, කෙරෙයි... බලන් ඉඳිමුකො.... පොලිස් ඇමති උනා කියලා ආපහු හාල් මැස්සෙක් දෙන්නෙක් හිරේ අරීවී....
කැබිනට් කුට්ටම අනලා තියෙන්නේ ජෝකර් කොළ දෙකත් එක්කයි .
"තීන්ත ගෑමෙන් පසු පොටි ඇද වැඩක් නැත"
අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
මේක සති දෙකකට අගමැති ගන්න එකේ මොකක් හරි රහසක් තියනවා නේද?
නීතිය හා සාමය SF ට දෙන එක තරම් වටිනා, කාලෝචිත වෙන දෙයක් නෑ. ඉතා හොඳ තීරණයක්. අපේ රටේ සල්ලි හොරකම් කරපු කම්බා හොරු ඔක්කොම අල්ලන්න ඕන.
මේක තනිකරම පලි ගැනීමේ චේතනාවෙන් දෙන්න යන්නේ. රාජපක්ෂලා සමග තියෙන වයිරය පිරිමසා ගන්න පොන්සේකාට ලැබෙන නියම චාන්ස් එක.
ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිබඳව ඇමතිකම ලෙබනවනං, ඇතුමා රට යනවයි?
ඉතින් සති දෙකකට ඕක මාරු කරේ සංගීත පුටු තරගේකටද. ඕවට වියදම් යන්නේ නැද්ද ලුණු බිකක් තරම්වත්. මොනවා උනත් ෆොන්සේකා මහත්තයා එනවට අපි කැමති මොකද අපි ඔහු දෙසපලකයෙක් විදියට වැඩකරනවා දැකලා නෑ. ඔහුට වැඩකරන්න පුළුවන් තැනක් මේ වෙනකන් ලැබිලත් නැ. ඉහල නිළදාරීන් අකමැතිනම් අපි වඩාත් කැමති.
ජනතාව බලාපොරොත්තු වෙන්නෙත් ඒකමයි.
පිස්සෙකුට කඩුවක් දුන්න වගේ තියෙයි.
මේ කුට්ටමට තනි එකක් නෙමෙයිනේ........................ එක පැක් වලින් කොළ දාලනේ අනන්නේ. හුඟක් පැක් වලින් ජෝකර්ලා තමයි වැටිලා තියෙන්නේ.
ඇයි ඉතින් පළිගැනීමේ චේතනාවෙන්ද වැඩ පටන් ගන්න හදන්නේ.... එහෙම් ඉතින් තියෙන ඡන්දෙත් නැතිකරගනන තමයි හදන්නේ.......මේ පොන්සේකා යුදධය කරන කාලේ හිටපු ෆොන්සේකා නෙවෙයි...පළිගැනීමේ චේතනාවෙන් ඉන්නේ....රාජිත මහත්තයෝ නරින්ට කුකුල්ලු භාර දුන්න වගේ තියෙවි....දැන්වත් රටට ජාතිතයට වැඩදායී අය පත්කර ගත්තෝත් හොඳයි...
මේ ඇමතිගේ කටනම් අඩු වෙලා නැහැ නේ........
නියම වෙලාවට නියම මිනිහ ඒයි, අපි ඔබට සුබ පතනවා සරත්.
ෆොන්සේකාට මේක බාර දුන්නොත් පක්ෂ විපක්ෂ සියලුම හොරු ටික ඇතුලට දමාවි , ප්‍රශ්නෙකට තිබෙන්නේ එතකොට කැබිනට් මණ්ඩල රැස්වීම පවත්වන්න දිනපතා බස් එකක සෙනග වැලිකඩ සිට ප්‍රවාහනය කරන්න වේවි , මොකද පරීක්ෂණ හරියට කලොත් කැබිනට් මණ්ඩලේ වැඩි හරියකට ඉන්න වෙන්නේ වැලිකඩ රිමාන්ඩ් එකේ , පාර්ලිමේන්තුවටත් වැලිකඩ සිට අඩුම තරමේ බස් 2-3 කවත් සෙනග අදින්න වේවි ,
රටේ මහදැන මුත්තා වශයෙන් රාජිතව පත් කල යුතුයි .
මේ හාදය වෙන්න ඇති හැමදේම තීරණය කරන්නේ. අනේද කියන්නේ...........
ඡන්ද 2000 නීතිය හා සාමය ඇමති. පළාත් සභාවකට තියා සමහර ප්‍රාදේශීය සභාවකටවත් යන්න බෑ ඡන්ද 2000කින්, සමහරු ඇමතියෝත් වෙනවා.
දැන් නිදහස වල්බුරු නිදහසක් කරගෙන .යම් දුරකට මර්දනයක් තිබුනේ නැත්නම් රජයක් ගෙනියන්න අපහසුඉ
ශරීර අභ්‍යන්තර තිබියයුතු ඉන්ද්රියයන් කලබල අවස්තාවේදී අතට අරගෙන රැකගෙන , ජීවිතය රැකගත්තාවගේ, මේ වෙලාවේදීත් රටේ අභ්‍යන්තර ගැටළු , නිරාකරනයකරදීමට ගරු ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට හැකිවේවි.. ඊට ශක්තිය , ධය්ර්යය ලැබේවා, මගේ පැතුමයි
මේ අය මේ රට විනාශ කරමින් බොරු කියමින් ජනතාව නොමග අරිනවා. සක්කිලි වැඩම තමයි.