(මනෝප්රිය ගුණසේකර)
වත්මන් රජය සමයේදී බැදුම්කර නිකුත් කිරීමේදී අක්‍රමිකතාවක් සිදුකිරීම මඟින් රජයට පාඩු සිදුකළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂ අර්ජුන් අලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන දෙදෙනාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ප්රතිශෝධන ඇයැදුම් පත්‍රයක් අද (26) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සැකකරුවන් රිමාන්ඞ් බාරයට පත් කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරිය දුන් නියෝගය ප්‍රතිශෝධනය කරමින් ඔවුන්ට ඇප නියම කරන්නැයි නීතීඥ සනත් විජේවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්රතිශෝධන ඇයැදුම් පත්‍රයේ සඳහන් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලඟදීම මේ දෙන්නටම ඇප ලැබෙනවා. ඊට පස්සේ මහේන්ද්‍රන් මාමා වගේ හොයන්න හම්බවෙන්නේ නැහැ මොනවා කරලවත්...
නැතුව !!! නැතුව !!! මේ දෙන්නා පොදුවේ සියලු ශ්‍රී ලාංකික ජනතාවට කරපු අතිවිශාල සේවය ගැන හිතල කොන්දේසි විරහිතව නිදහස් කලයුතුයි. අනේ මගේ කට තමයි ...
අවුලක්ම නැහැ . මෙයාල කලේ තමන් වැටුප් ලබන ආයතනය දියුණු කිරීමට ක්‍රියා කිරීමයි. වැරැද්ද කරලා තියෙන්නේ රජයෙන් වැටුප් ලබමින් රජයේ ආයතන වල රහස් මෙයාලට දුන්නු අයයි. බොරුවට මෙයාල සිර කලාට පසුගිය ඡන්දෙදි මහජනයා එක ගණන් ගත්තේ නැහැනේ .
වංචාවෙන් උපයන ධනයෙන් තම දූදරුවන්ට කන්න බොන්න දෙන්න තරම් මුග්ධයින්ද?
මෙය හා සමානව ජිවත් වීම උදෙසා හොරකම් සිදුකල සියලූ දෙනත් බැංකු හා මුල්‍ය ආයතන කොල්ල කෑ සියලු දෙනටත් නිදහස ලබා දිය යුතු නොවේද?