මනෝප්රිය ගුණසේකර
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අධිවේගී තැපෑල ඩීඑච්එල් කුරියර් සේවය අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව වෙත වාර්තා කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය කළ නියෝගය අධිවේගී තැපෑල ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට බාරදීමට උත්සහ කළ අවස්ථාවේදී මහේන්ද්‍රන් මහතා සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.
රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කළ නියෝගය අඩංගු නොතිසිය මහෙන්ද්‍රන් මහතා පදිංචිව සිටින අංක 201 cascaden road. # 18-1 the tamlison Singapore 2497726 නිවසට අධිවේගී තැපෑල ඔස්සේ බාරදෙන ලෙස අධිකරණ විසින් කළ නියෝගය අනුව රහස් පොලිසිය කටයුතු කළත් මහෙන්ද්‍රන් මහතා අදාළ ලිපිනයේ නොමැති බව ඞී.එච්.එල්. කුරියර් සේවය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් හැරෙන තැපෑලෙන් ඔය ලියුම අලුත් නීතිය හා සාමය ඇමතිට යවන්න! එයා දන්නවා අලුත් ලිපිනය!
අමතක වෙලා වෙන ලිපිනයක් දෙන්න ඇති
ඒකෙන් සිංගප්පූරු ලිපිනයේ නැහැ කියන දෙයින් තේරුම් ගන්න පුලුවන් ගොඩාක් දේවල් තියනවා. මිනිස්සුන්ට තේරෙනවද කියන එක තමයි ප්රශ්නය.
බැඳුන්කර හොරකම යනු සුරැකුම්පත් වලින් මහ දවල් මහ බැංකුවට විද්ද එකයි.
රන්ජන්ට කියන්න කෝල් එකක් දෙන්න කියන්න කියලා එයා ළඟ නොම්මරේ තියෙනවා.
මේ රටේ වගකිවයුතු තැන්වලට පත්කරලා තියෙන්නේ ආතභූත නැති කාපාලුවෝ ටිකක් නේ.. පත්කළ අය මේවාට වගකියන්න ඕනෑ...
කොහේවත් රටක පදිංචි ලිපිනයක් වත් නැති මනුස්සයෙක්ව රටේ ජීවනාලිය නම් ස්ථානය පැවරීමට තීරණය කළ මිනිසා කවුද? ඒ මිනිසා සෙල්ලම් කරලා තියෙන්නේ රටේ දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත එක්ක නොවේද ? සිංගප්පූරු මිනිසා ඇල්ලීමට කලින් එම මිනිහව නිර්දේශය කළ අයට කුමක් කළ හැක්කේද?
ඒකපාක්ෂික තීන්දුවක් අරගෙන දැනට තහනම්කර ඇති ඔහුගේ වත්කම් සියල්ල රාජ සන්තක කර සිදුවූ පාඩුව පියවා ගැනීම ඉතා වැදගත්...
ඔය ලියුම යවන්න රනිල්ගේ කාර්යාලයට.. එයා දන්නවා ඉන්න තැන.
මෙයාල කොයි තරම් මහන්සිවුනාද නේද අස්සයා පැනගන්නකම් ඉස්තාලේ ඇරගෙන ඉන්න
අශ්වයෝ දුවනකම් හිටිය ඉස්තාලේ වහන්න. ගමේ මිනිහෙකුට පොඩි චෝදනාවක් ආවොත් බලන්න එපෑය කුදලගෙන යන හැටි.
උන්හිටි තැනක්වත් නොදන්නා කෙනෙකුටද රටේ මහබැංකුව භාර දීලා තියෙන්නේ?
එජාප ඉල්ලලා කෑවේ මේ නිසයි. මෙයාව අල්ලලා හිරේ දාගන්න බැරි වුනා නම් වෙන්නේ ඊළඟ ඡන්ද හතක් නාගන්න වෙන එකයි.
එහෙනම් සමහරවිට මග එනවා ඇති.
දැන් මොහුගේ නැට්ටවත් අල්ලන්න බැරි වේවි. අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වසනු. නිවටකමේ හා කවටකමේ සීමාවක් තබා ගනු.
ඒ කියන්නේ මහා බැංකු අධිපතිකම දීලා තියෙන්නේ ලිපිනයවත් දන්නේ නැති කෙනෙක්ටද ? පුදුම ආණ්ඩුවක්නේ මේක !
හොරට යන්න එදා දීලා දැන් ජනතාව තව දුරටත් ගොනාට අන්දනවා
විහිළුවට කිව්වත් "ඇඩ්රස් නැහැ" කතාවේ ලොකු අර්ථයක් තියෙනවා.
අර්ජුන් මහේන්ද්‍රන්ට මොකක් හරි වුණොත් සම්පූර්ණ වගකීම රනිල් වික්‍රමසිංහ බාර ගන්නවා කිව්වනේ. ඒක කිව්වේ පාර්ලිමන්ට් එකේදී. ඔය අනුර කුමාරලා එදත් පාර්ලිමන්ට් එකේ හිටියනේ... එහෙම නම් දැන් කරන්නට තියෙන්නේ හෙන්සාඩ් වාර්තාවෙන් කොපියක් අරගෙන උසාවියට ඉදිරිපත් කරලා අර්ජුන් එනකම් කුඩුවේ දාන්නට. ජනාධිපති නීතිය රනිල්ට දුන්නේ අර්ජුන් බේරාගන්නට තමා මුලින් ආණ්ඩුව විසිරෙව්වෙත් රනිල්වයි, අර්ජුන්වයි බේරාගන්නට තමයි...
ඔය ළුෑණු බික හොයන්නේ නැතිව... සිල්රෙදි, ජී.එල්. බට, ටීවී දැන්වීම්, වාහන අවභාවිත වැනි මහා පරිමාණ අපරාධ හොයන්න.
මේ ආණ්ඩුවට හය දෙනෙක් යූ.ඒ.ඊ. යවන්න සල්ලි තියනවා.. උදයංග නැතුව අාපහු නිකන් එන්න. එ්ත් මෙයාගේ ලිපිනය බලන්න එම්බසියේ කෙනෙක් යවන්න මොලයක් නෑ...
මෙම පුද්ගලයා විදේශගත වීම නැවැත්වීමට හැකිකම තිබියදී එය නොකළ පුද්ගලයින් දැන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. එයට හේතුව අපරාධකරුවෙකුට හෝ අපරාධයක් කළායයි සැක කරන පුද්ගලයෙකුට මිදී යාමට අනුබලදීම යන වැරද්දට...
අරලියගහ මැදුර ඇතුලේ බලන්න.
අනේ පව් උන්නැහේ මක් කරන්නද? ලොකුම හොරා ගෙදර ඉන්නවනේ...
සිරගත වී සිටින මොහුගේ බෑණාගෙන් අහන්න.
එහෙනම් මෙයත් ආඳා වගේ සුරුස් ගාල ලිස්සලා ගිහින් වගෙයි! දැන් ඉතින් එක දැලක් නෙවෙයි දැල් දහයක් දැම්මත් අල්ලා ගැනීමට බැරි තැනක හැංගිලා ඇති !
බලන් ගියහම මහබැංකුවට පත්කරලා තිබුණේ ගෙයක් දොරක් නැති හිඟන්නෙක් නේ...
දැන් ඒ මනුස්සයා අගමැතිතුමාගේ ගෙදර දොර මුල්ලක හැංගිලා ඇති කියල ගම්මන්පිල උන්නැහේ කිව්වොත් පුදුම වන්න කාරණාවක් නැහැ!
බය නැතිව මහ දවල් මහ බැංකුව බිඳලා වගේ වගක් නැතිව එයාර්පෝට් එකෙනුත් මහ දවල් අැවිදගෙන යන්න දීල හොරුන්ගෙ කැප්ටන්ට නීතිය හා සාමය බාර දීලා දැන් නිවුස් දානවා අර්ජුන් සිංගප්පූරුවේ නෑ කියලා..
යහපාලන රජයක් වශයෙන් ආදර්ශය වටින්නේය. සියලු වගකීම භාරගන්නබවට එදා මොවුන් කියා සිටි නිසා, මොවුන් ජනතාව ඉදිරියේ සමාව ගෙන ඉල්ලා අස්විය යුතුයි. නැත්නම් ජනතාව පෙළ ගැසිය යුතය.
මේ තියෙන පොස්ටල් කෝර්ඩ් එක වැරදියි...
අනේ එයාව පත් කරපු අපේ අගමැතිට නම් එකේ වගේ වගක් වත් නැහැ වගේ. ඒ ගැන වචනයක් වත් කතා නැහැ.
මදෑ, මහ බැංකු අධිපති ධුරය දීල තියෙන්නෙ ලිපිනයක්වත් නැති කෙනෙකුටනෙ.
ඔය ටික වෙන විත්තිය එයාව පත් කරපු අපේ අගමැතිට තාම නොතේරුනාට අපේ පොඩි එවුන්ටත් තේරෙනවා.
ඔය ලියුම අරලිය ගහ මන්දීරය, ගාලු පාර, කොළඹ 03 ට යවන්න.
අරලිය ගහ මන්දිරය අස්සේ සොයා බැලුවේ නැත්ද? අනිවාර්යයෙන්ම රනිල් දන්නවා.ඉන්නේ කොතනද?කියලා.මේ වගේ නාඩගම් හරි ලැජ්ජයි.
අපටනම් තේරුණා රටට කෙළවුණ කියලා 2015 දීම. එක තහවුරු උනා නීතිය සහ සාමය අර මොකාටද ගියාම.