(විනීතා එම් ගමගේ)
අමාත්‍ය මණ්ඩලය පමණක් නොව රාජ්‍ය සංස්ථා, අධිකාරි ඇතුළු ආයතන ප්‍රධානීන් ද වෙනස් කිරීමට පසු නොබසින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසී යැයි වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
පසුගියදා පැවැති අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් මුණ ගැසුණ අවස්ථාවේ ජනාධිපතිවරයා මේ බව පැවැසීයැයි ද අමාත්‍යවරයා කීය.
එමෙන්ම අමාත්‍යංශවල විෂය පථයන් වෙනස් කිරීමට ද අවධානය යොමු වී ඇතැයි ද ඒ සඳහා අධ්‍යයනය කරමින් සිටින ද ජනාධිපතිවරයා පැවැසූ බවත් සමරසිංහ මහතා පැවැසීය.
පසුගියදා කළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පළමු පියවර වන අතර ඉදිරි දෙසතිය තුළ නැවත අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
සමහර අමාත්‍යංශවල විෂය කටයුතු කිසිසේත්ම නොගැලපෙන බව ජනාධිපතිවරයා පැවැසූ බව කී සමරසිංහ මහතා අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඇතුළු රජයේ විවිධ වෙනස්කම් රැසක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වන බවද පැවැසීය.
මහින්ද සමරසිංහ මහතා මේ අදහස් පළ කළේ වරාය අමාත්‍යංශයේ දී අද (26) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අවශ්‍යනම් ආයතන ප්‍රධානීන් වෙනස් කරන්නත්" යන්නෙන් අදහස්වන්නේ කුමක්ද? අඩුතරමින් මේ මිනිස්සුන්ට "අවශ්‍යද, නැද්ද" කියලාවත් තේරුම්ගන්න බැරිද? අනේ අපෝයි මේ දියවන්නා ඔයේ ඉන්නේ අවුරුදු 15ට අඩු අයද කියලත් සැක හිතෙනවා. හැබැයි කට ඇරියොත් කියන්නේ තමන් තරම් පරිණත, හැම විෂයක් ගැනම ඔස්තාර්ලා කියලා නේද? මේ ඔබේ, අපේ මහජන නියෝජිතයින් නේද?
ග්‍රාමසේවක මහත්තයට අමු කැවිලද කොහෙද? මහජනතාව රජයට රතු එළියක් දල්වලා තියෙනවා. ජනතාවගේ අවශ්‍යතාවය තේරුම්ගෙන රජයේ වැඩ සැලසුම් කරගෙන ඉදිරියට යන්නේ නැතිව ඇමැතිලයි, නිලධාරීන්වයි ඔක්කොම එහාට මෙහාට මාරු කර වැඩේ පටන්ගන්න කොට ඉතිරි අවුරුදු දෙකත් ඉවරවෙයි. පුස් වීරයෝ වෙන්න ගොන් පාර්ට් දානවා.
මෛත්‍රිව කන්නේ මේ කේවට්ටයෝ තමයි. මෛත්‍රි මහත්තයෝ මේ අවුරුදු එකහමාරට මොන කැබිනට් වෙනස්කම් කෙරුවත් රට ගොඩගන්ට බැහැ. තව අමාත්‍යාංශ ලොක්කෝ වෙනස් කෙරුවොත් විනාසෙම තමයි. මොන සෙල්ලම් දැම්මත් ලබන ජනාධිපති ඡන්දෙන් පරාදවෙලා ගෙදර යන්ට වෙනවාමයි. දැන් ඔබතුමා ළඟ ඉන්න ඇමැතිලා ටිකවත් තරහ නොකරගෙන මේ ඉන්න ටික හිටියා නම් නේද හොඳ?
කරුණාකර ජාතික චිත්‍රපට සංස්ථාවට කාර්යශූර සභාපතිවරයකු පත්කරන්න.
සමහර ආයතනවලට පත් කරලා ඉන්න ලොක්කෝ පමණක් නොවෙයි, උපදේශකයන් කියන පිරිසත් අදාළ විෂය ක්ෂේත්රය ගැන මොන කෙන්ගෙඩියක් වත් නොදන්නා පරපෝෂිතයින් රැලක්. ඔවුන්ගේ බඩගෝස්තරවාදී උපදෙස් නිසා යම්යම් රාජ්‍ය ආයතන වේගයෙන් පරිහානියට යන එක වළක්වන්නට බැහැ. ආයතන හරිහැටි පවත්වා ගෙන යාමට මේ ලොක්කන් සහ උපදේශකයන් අතර ඉන්න බත් බැලයන් එළවා දැමිය යුතුයි ! උදාහරණ: අයි.ටී.එන්., ලේක් හවුස්, ගුවන් විදුලි සංස්ථාව.
ඔය ආයතන ප්‍රධානීන් ඔය තැන්වලට ආවේ පිනට නොවෙයි සේවය හරිහැටි කිරීම නිසා ලැබුන උසස්වීම් වල ප්‍රතිපල ලෙස මිස දේසපාලුවෝ වගේ පිනට ලබපු පත් වීම ලෙස නොවේ.
වැඩක් නැහැ. එකම කුට්ටම අන අනා බෙදනවා.
ධීවර අමාත්‍යංශයට හොඳ අධ්යක්ෂ ජෙනරාල්වරයෙක්ව පත්කරන්න ..
කළ ගුණ නොදත් මෙයාල රටේ පිළිගත් නායකයින්ට ජම්පරේ අන්දවන්න ගියාම නියම ශ්‍රී ලංකා කාරයින් පවා පක්ෂයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා. ජනතා හද ගැස්ම නොදන්නා අය....
ලබන පාර ඡන්දෙන් ඔය සේරම ගෙදර යනවා ඒකාන්තයි. මාසෙන් මාසේ පඩිය ගත්තා විතරයි සියලු බදු වැඩිකළා. බදු අදායමෙන් ජනතාවට කරපු සේවයක් නැහැ. අපේ කාලේ මුදල් කෑවා විතරයි.
ජනතාව ඡන්දෙට පිළිතුරු දීලා තියෙන්නේ "ආයතන ප්‍රධානින් වෙනස් කරන්න" නෙමෙයි, ලොක්කෝ දෙන්නම වෙනස් කරලා, හරි කෙනෙකුට රජය බාර දෙන්න කියලා. එහෙම නැතුව " හිසේ කැක්කුමට කොට්ටේ මාරුකරලා " හිස කැක්කුම හොද වෙනවද ?
මෙයා ආයෙත් බයිලා ගහනවා.දැන් තියෙන්නේ කරන්න පුළුවන් අයට බාර දීලා යන එකයි.
හොඳ දෙයක්. පුළුවන් නම් ජනාධිපති කම වෙනස් කරන්න ඉක්මනටම.