(නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ ලොග්ගල්ලා ඔය අන්තර් නිම්ණ ඇල මාර්ගයට ඊයේ (26) උදෑසන පෙරලී ගිය මෝටර් රථයේ සිට අතුරුදන්වූ ගුරුවරයාගේ මළ සිරුර සිද්ධියෙන් පැය 24 කට පමණ පසුව අද (27) සොයා ගත් බව පොලිසිය පවසයි.
අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටර් 8 ක් පමණ පහළින් පිහිටි වියානා ඇල කෙලවර දියබානාවැවේ ඔරුබැදිවැව ප්‍රදේශයේ පාවෙමින් තිබියදී සිරුර සොයා ගෙන ඇත.
මියගොස් ඇත්තේ නලින් කාරියවසම් (29) නම්වූ තිස්සපුර විද්‍යාලයේ ගුරුවරයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉන්දියන් ලදරන් වාහන පැයට කිලෝමීටර 70 ට වැඩිය වේගයකින් ධාවනය කලොත් වාහනය පාලනය කරන්න හරිම අමාරුයි. විශේෂයෙන් තියුණු වංගුවලදී වේගය 40 ට වත් අඩු කරන්න ඕන. ටොයෝට කොරොල්ල එකට ඉහලින් තියෙන වාහන එලවපු රියදුරන් නම් මේ ඉන්දියන් කාර් එලවන්නත් බයයි.