
එක්සත් ජනපද සාම වැඩසටහන නැවත ශ්‍රී ලංකාවේ කියාතත්මක කිරීම සදහා ද්වි පාර්ශ්වික ගිවිසුමකට අත්සන් තැබීම අද (26) සවස අරලියගහ මන්දිරයේ සිදුකෙරිණි .
විදේශ අමාත්‍ය තිලක් මාරපන , එක්සත් ජනපද සාම හමුදාවෙි වැඩ බලන අධ්‍යක්ෂක ශීලා කෝවිලි යන මහත්මහත්මීන් මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය සාගල රත්නායක , ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති අතුල් කේෂාප් යන මහත්වරු ඇතුළු දෙස් විදෙස් පිරිසක් සහභාගි වූහ.





ඡායාරූප - චතුර එස් .කොඩිකාර
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකානු තානාපතිවරයාගේ සිනහව සහ අගමැතිවරයාගේ මුහුණ බොහෝ දේ පවසාවි. යාචකයෙක්ට මුදල් දී ඉන් සතුටුවන තානාපතිවරයා මේ රටේ පාලකයින්ගේ දියාරු පාලනය ගැන අපටම ලැජ්ජාවක් ඇති කරයි.
රජ හොරුන්ට වඳින මෝඩයින්ට මොන දේ කළත් වරදක්මනේ පේන්නේ...
ඇමෙරිකාවේ සහයෝගයෙන් ලොවට සේවය කළාට මම ඇමෙරිකානු ගැත්තෙක් නොවෙයි. අපේ සිංහලකම ගැන බොරු පුරාජේරු කතා කරන සමහර මිනිසුන් දක්ෂයගේ හැකියාවට තැන දෙන්නේ නැත. එබැවින් මේ රටෙහි හිමිකම් අහිමි වී සිටි මාව ඇමෙරිකාව අගය කොට මගේ හැකියාවට නිසි තැන දීම නිසා යම් දිනෙක මාත් සමග පොළවට යටවීමට ගිය මගේ හැකියාවන්ගෙන් ලොවට ඉමහත් සේවයක් කළා. ඒ තුළින් මම පිටපිට ඇමෙරිකාව ඇතුළු ලොව සියලු රටවල් පරදා වසර තුනකට ලෝක කුසලාන තුනක් මගේ මව්බිමට ගෙනාවා. මේ නිසා අපේ බුද්ධිය ගැන ලොව බොහෝ දෙනා මවිත වෙනවා. මේ නිසාම මාහට පීඩනයක්ද ඇතිකොට තිබෙනවා. මේ වැඩපිළිවෙලේදී ඇමෙරිකාව සහයෝගය දුන්නත් ලංකාවේ සිංහලකම ගැන පුරාජේරු දොඩන දේශපාලකයෙකු මට උපකාර කලේ නැත. මේ ගැන කරුණු සොයා ජනතාව දැනුවත් කිරීම මාධ්‍ය වල වගකීමයි. මට මේ රටේ ජනතාවට කියන්න තියෙන්නේ සමහර දේශපාලකයින්ගේ ඇමෙරිකානු භීතිකාවට කන් දෙන්න එපා කියලයි. මේවා ඔක්කොම ඒ අයගේ වාසියට කියන කතා... අපත් රටත් දියුණු වෙන්න නම් ජාත්‍යන්තරය ජයගත යුතුයි. අපේ මොළ බොහොම ඉහළයි. ඒත් අපි එ්ක වටහා ගෙන නැත. ඕල්කට්තුමා, ආතර් සී ක්ලාක් අපට මොන තරම් ආඩම්බරයක්ද?
ලෝකයේ වැඩිම ආයුධ නිෂ්පාදනය කරන, ආයුධ විකුණා ලාභ ලබන රට, ශ්‍රී ලාංකික අප කෙරෙහි ඇති වූ දයානුකම්පාව නිසා "සාම" වැඩසටහනක් ඔවුන්ගේ වියදමින් ආරම්භ කරන වගයි. කුකුළාගම තටු ඇති කුකුළනි, පණ ගැන ආදරයක් ඇතිද?
හරිම අවාසනාවන්ත රටක අපි ජීවත් වන්නේ. ජවිපෙ මර නින්දේ. අනෙක් පක්ෂ මේ අයට පවන් ගහනවා. හැබැයි තිස්තුන් කෝටියක්ම දෙවිවරු ඉන්නේ අපේ රටේ තමයි.
ජනතාවගේ කිසිම විශ්වාසයක් නැති ආණ්ඩුවක් මෙවැනි ක්‍රියාමාර්ගවල යෙදීම පිළිගත නොහැක. ඔවුනට කිසිම බලයක් ජනතාව දී නැත. ජනතාව බලසිටින්නේය.
ඇමෙරිකාව පත් කරපු ආණ්ඩුවක් නේ ලංකාවේ අද තියෙන්නේ
මොකටද ලංකාවට ඇමරිකාවේ සාම හමුදා? කොන්ද පන නැති, නිවට නියාලු, රූකඩ පාලකයන්ගේ නපුන්සක වැඩ නිසා රට තමයි අනතුරට පත්වන්නේ. මේ ගිවිසුම් ගහගෙන ලෑස්ති වෙන්නේ අමෙරිකාවෙන්ම කොටින්ව නැගිට්ටවල ආයේ වැඩ පටන් ගන්න දවසක ඇමරිකන් හමුදා ලංකාවට එවන්න ක්‍රමයක් හදා ගන්න නේද?
මායිම මුර කරන්න සාම හමුදාව ගෙන්වන්නේ.................