(කටුනායක ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අද දිනට නියමිත ගුවන් ගමන් වාර දෙකක් අවලංගු කර ඇති බව එම සමාගම නිවේදනය කර සිටී.
අද දින දහවල් 1.20 ට පකිස්තානයේ කරච්චි බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 183 දරන යානයත් , අද රාත්‍රී 10.20 ට මාලේ බලා පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 109 දරන යානයේත් ගමන්වාර අවලංගු කර තිබේ . මෙයට හේතු වී ඇත්තේ දෙදිනකට පෙර සිට ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වල පවතින ප්‍රමාද වීම් නිරාකරණය කර ගැනීම සඳහා බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.
දෙදිනකට පෙර කොචින් ගුවන් තොටුපොළ ආසන්නයේ දී A- 330 එයා බස් වර්ගයේ ගුවන් යානයක කුරුල්ලෙකු වැදීම නිසා එය පියාසැරියෙන් ඉවත් කර තිබීම මෙම ගුවන් ගමන් ප්‍රමාදයට බල පෑ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළේය .
මේ වනවිට මෙම යානය යථා තත්වයට පත් කරමින් පවතින අතර , එය හෙට (27 වැනිදා) යළි ධාවනයට එක් කළ හැකි බවද , ඒ වනවිට මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානා වල පවතින ප්‍රමාදය අවසන් වනු ඇති බවද පෙරේරා මහතා බලාපොරොත්තු පළ කළේය .
මීට අමතරව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නව දිල්ලි ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටීම නිසා , එහි ළගා වෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් වෙනත් ගුවන් තොටුපොළක් වෙත යොමු කිරීමද මෙම ප්‍රමාද වීම් ඇති වීමට බල පෑ බවත් ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය .
ශ්‍රී ලන්කන් ගුවන් මගීන් සදහා 0119-7331979 දුරකථනය දවසේ පැය 24 පුරා විවෘතව පවතින අතර , ගුවන් තොටුපොළ වෙත පිවිසීමට පෙර අවශ්‍ය නම් වැඩිදුර විමසීම් කරන ලෙසද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ, චාටර් මම නම් නොමිලේ ටිකට් එකක් දුන්නත් යන්නේ නැහැ. රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් නඩත්තු වෙන ඔය ශ්‍රී ලංකන් ආයතනය, වැඩක් හරියට කරන්න පුළුවන් විදේශීය ගුවන් සමාගමකට විකුණන්න.
හැමදෙනාම ගියේ නැත්නම් කොහොමත් බංකොලොත් වෙනවා. එහෙම නෙවේ අපි සපෝර්ට් එක දීල මේක ගොඩගමු. සිංහලයන්ගේ මූලික ගතිගුණ නැති කරගන්න එපා.
රොෂාන් හරියට හරි ඕකම තමයි වෙන්න ඕන, මගේ අදහසත් ඕකම තමයි මෙලෝ රහක් නැති සමාගමක්. මම ඉන්නෙත් පිටරටක මම යන්නෙම නැහැනෙ ඕකෙ. මම මීට කලිනුත් වතාවක් ඔය ගැන කීවා. මම විතරක් නෙමෙයි මෙහෙ ඉන්න ලාංකිකයෝ කවුරුත් යන්නෙ නැනැ මේ රටේ එක නියමයි අපි යන්නෙ එන්නෙ ඒකෙමයි.
ඒ රටවලත් කුරුල්ලෝ ඉන්නවා නේද ? මම හිතුවේ ලෝකේ කුරුල්ලෝ ඉන්නේ මත්තල විතරයි කියල .
රොෂාන් ඔය ලංකාවේද ? බරකරත්යක් උනත් එක අපේ කියන හැගීම තියෙන්න ඕනේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අඩුපාඩු නැතුව නෙවේ නමුත් එක අපේ රටේ ගුවන් සේවය මෙහෙම ඉතාම පහත් විදියට බාල්දු කරන්න එපා.
ජනතා බදු මුදලින් නඩත්තු කරන්න උනේ හිටපු ලොක්කා පවුලේ කට්ටිය මස්සිනා සහ එයාගේ අනියම් තරුණ බිරින්දවරුන්ගේ පවුලේ බුදලයක් කරගත්ත නිසා. ජනතාව විතරක් නොවේ සේවකින්ගේ පඩියත් වාරික වශයේ ගෙවන්න වෙලා තියනවා මේක තමා ඇත්ත...............