(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සඳහා වන ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශිෂ්ඨ දායකත්වය අගයනු පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන “2017 ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල” ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරණායක අණුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
මෙම සම්මාන උළෙලේදී විදුලි හා යාන්ත්‍රික සේවා‚ සිවිල් ඉංජිනේරු‚ හරිත ඉදිකිරීම්‚ ඉදිකිරීම්‚ පරිසර හිතකාමී නව්‍යකරණ තාක්ෂණ යන අංශ රාශියක් යටතේ ජාතික සම්මාන හා කුසලතා සම්මාන 32 ක් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු විශිෂ්ටයන්ට ජනාධිපතිවරයා අතින් පිරිනැමිණි.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මාර්ගෝපදේශකත්වය හා අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී විය.



2025 දෙසැම්බර් මස 18
11
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික ඉදිකිරිම් සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
sanjeewa Tuesday, 27 February 2018 05:34 PM
සජිත් UNP එක බේරගන්න .
රාජේශ් ඛන්නා Tuesday, 27 February 2018 11:09 PM
ජනපති තුමනි. ඔබ නතර කළ යුත්තේ මෙවැනි බොරු වියදම්ය. මේ මහජන මුදල් බව ඔබ හොඳින් දනී. අගමැති වෙනස් කිරීම ම පිළියමක් නොවේ. තවමත් පාඩම හරියට ඉගෙන ගෙන නැහැ වගෙයි. සාමාන්‍ය ජනතාවගේ හදවතට දැනෙන ලෙස උසස් ප්‍රමිතිවලට සියල්ල කිරීමට යොමුවිය යුතුමය. එවිට නිතැතින්ම වියදමකින් තොරව ජනසම්මානය අදාළ ඇත්තන් හට ලැබෙනු ඇත.
lalithsjm Wednesday, 28 February 2018 09:58 AM
මම හිතුවේ සජිත් අස්වෙලා කියලා. ඔය ඉන්නේ ප්‍රසස්ති ගායනා සමගම.
chaminda Wednesday, 28 February 2018 03:06 PM
රටේ කෙරෙන වියපෘති වල ප්‍රගතිය හරියට සමාලෝචනය කරලද ඔය සම්මාන දෙන්නේ?