(විනීතා එම් ගමගේ)
දුම්කොළ වගාව 2020 දී තහනම් කිරීමට රජය තීරණය කොට ඇතත් ඒ පිළිබඳ චක්‍රලේඛයක් මේ වනතුරුත් අදාල රාජ්‍ය ආයතන, නිලධාරින් හා පුද්ගලයන් වෙත යවා නැතැයි හෙළිවේ.
මේ හේතුවෙන් එම තහනම පිළිබඳ නිල ලියවිල්ලක් නැතත් බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරිහු දුම්කොළ වැවීමේ තහනම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙළ ගැසී සිටින බව කොළඹ විශ්ව විද්‍යාලයේ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන ඒකකය මඟින් කළ අධ්‍යයනයක දී හෙළි වූ බව එම අධ්‍යයන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය මහේෂ් රාජසූරිය මහතා කොළඹ 5 ජානකී හෝටලයේ අද (27) පැවැති වැඩමුළුවක දී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ දුම්කොළ වගාව අතීතය වර්තමානය හා අනාගතය මැයෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය සහ ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යය සාධක බළකාය මඟිනි.
දුම්කොළ වගාව තහනම් කිරීමේ ලොකුම බාධාව වී ඇත්තේ ලංකා දුම්කොළ සමාගම බව ද රාජසූරිය මහතා එහි දී ප්‍රකාශ කළේය.
දුම්කොළ වගාව රටින් තුරන් කිරීම සපුරාගත හැකි ඉලක්කයක් බව අපේ අධ්‍යයනයෙන් පෙනී යනවා. අවශ්‍ය වන්නේ දුම්කොළ වගාවෙන් ජීවත්වන අයට විකල්ප වගාවන් සඳහා යොමු වීමට සහය වීමත්,සමාගම් දිගුදුර හස්තය වී සිටින බාන් හිමියන් (දුම්කොළ වේලන ස්ථාන) ක්‍රියාකාරිත්වය මර්දනය කිරීමත් පමණයි.
අදටත් ගොවීන්ට ද්‍රව්‍යමය ආධාර මිලදී ගැනීමේ පොරොන්දුව දේශපාලන සම්බන්ධතා යන සියල්ල සමඟ ගොවියන්ගේ මිතුරන් සේ පෙනී සිටිමින් දුම්කොළ ගොවීන් සදාකාලික ණයකරුවන් කරන්නේ සමාගමයි.
මේ තත්ත්වය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමත් සමාගම හා දේශපාලකයින් අතර ඇති සබඳතා නවත්වා දැමීමත් තුළින් ද මේ වගාව තවත් අඩුවේවි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරටේ දේශපාලුවෝ ඉන්නකම් දුම්කොළ වගාව තියෙයි.
දුම්කොල වගාව තහනම් කරන්න කලින් දුම්වැටි වෙලදාම තහනම් කරන්ඩ. නැතිනම් ඊට පස්සේ දුම්කොල රටින් ගෙනෙන්නේ. වගාව තහනම් කලොත් එකෙකන් වෙන්නේ විට කන අය පවා ඉංදියාවට ණය කාරයෝ කරවන එක. මෝඩ ආණ්ඩු.
දුම්කොළ වගාව තහනම් කළ යුත්තේ පාරිසරික බලපෑම් මත. තහනම හොඳයි කියමු. ඒත් ඇයි මේ වගේ වැඩමුළු ඒ ආයතනය තුළ තියන්නේ නැතිව තරු හෝටලවලම තියන්නේ? සල්ලි වැඩි වෙලාද? අඩු ගාණේ දුම්කොළ ගොවියෙක්ට ඔය හෝටලවලට එන්න හැකිද?