(අනුරාධපුර අධිකරණ උපාලි ආනන්ද)
නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලිසියට නීතිමය හැකියාවක් නැති බවට කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්රාත් දුලාන් වීරවර්ධන මහතා තීරණය කළේය.
නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවෙකුට එරෙහිව ගල්නෑව පොලිසිය කැකිරාව මහේස්ත්රත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවක තීන්දුව ලබා දෙමින් විනිසුරු වීරවර්ධන මහාතා මෙම නියෝගය ලබා දී ඇත.
ඒ අනුව නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ ගල්නෑව කලංකුටිටිය අයි එම් අබේරත්න නැමැති සැකකරුට එරෙහිව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලිසියට කිසිදු නීතිමය හැකියාවක් නැති බව පවසා සිටියේය.
එහෙත් පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් පොලිසිය පැවසුfව් සුරා බදු ආඥා පනත යටතේ නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් නඩු පැවරීමට පොලිසියට නීතිමය හැකියාවක් පවතින බවයි.
නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් මහේස්ත්රාත්වරයා නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලිසියට නීතිමය හැකියාවක් නැති බව තීරණය කළේය.
මෙම නඩු තීන්දුවට අනුව නීති විරෝධි මත්පැන් සන්තකයේ තබා ගත් බවට කැකිරාව මහේස්ත්රාත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ගල්නෑව කලංකුටිටිය චන්දනගම රංජිත් කුමාර හේරත් සහ එප්පාවල කටියාව යායා 10 සුනිල් කරුනාරත්න යන සැකකරුවන් දෙදෙනා ද නිදහස් කර මුදා හැරීමට මහේස්ත්රාත් වීරවර්ධන මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාද නඩු ආඥගා පනත යටතෙයි පොලිසියට නඩු පැවරිය හැකි නමුත් සුරාබදු පනත යටතේ නඩු පවරිය හැක්කේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පමණි.
එහෙමනම් ඉතින් නීති හදන්න නීති විරෝධී මත්පැන් නීති විරෝධී නම්!
නීති විරෝධි මත්පැන් නීතිගත කරන්න ලයිසන් දෙන්න බැරි මොකද? එතකොට ලංකාවේ අරක්කු ලෝක වෙළදපොළටත් යනවා. හොඳ අදායමක් රජයටත් ලැබේවි. මිනිසසුන්ට හොද අරක්කුත් ලැබේවි..