(කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම විමාන පාරේ නිවසක පදිංචිව සිටි ආබාධිත තත්වයේ පසුවන තම තෙහැවිරිදි දියණියට වස පොවා ඇයගේ පියා ද වස පානය කිරීමෙන් පසු අද (28) උදෑසන දෙදෙනාම මිය ගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි.
මිය ගිය දියණිය උපන්දා සිට විවිධ රෝගාබාධ වලින් පෙලී ඇති අතර ගෙවුණූ තෙවසර තුළ ශල්‍යකර්ම 30 ආසන්න සංඛ්‍යාවක් සිදු කර ඇති බවත් බොහෝ රෝගාබාධවලට දැරිය ලක් වීම නිසාවෙන් මිය ගිය ඇයගේ පියා දැඩි කනස්සල්ලෙන් යුතුව සිට ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය වූ දින මියගිය පුද්ගලයාගේ වැඩිමහල් දියණිය පාසලේ විනෝද චාරිකාවක් ගොස් ඇති අතර බිරිඳ වෙනත් කටයුත්තක් සඳහා නිවසින් බැහැරව ගොස් සිටියදී මෙලෙස දියණීයට ද වස පොවා එම පුද්ගලයාද වස පානය කර සිය දිවිනසා ගන්නට ඇති බවට සැක කරන බවද පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ හෝමාගම විමාන පාරේ පදිංචිව සිටි කෝදාගොඩ ආචාරිගේ දිමුතු මංජුල (41) නැමැති රන්කරුවෙකු සහ සාවින්දි ගයේෂා නැමැති තුන් හැවිරිදි දැරියකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියාට නැවත මිනිස් ආත්මයක් ලැබේවා. ඔහු පවක් කලේ දුකින් මිදීමට සිතාය. මගෙ සියලු පින් ඔබ ලබාගන්න පියානෙනී
ඔබ විදි දුක පියෙකුට ඇරෙන්න වෙන කෙනෙක්ට නොතේරේ. මතු ආත්මයකදී වත් මෙවන් දුකක් ඔබට මෙන්ම ඔබගේ දුවටද අත් නොවේවා
අනේ පව් කියනවා හැරෙන්නට මේ සිරි ලංකාවේ අපි මොනවා කරන්නද? අපායත්, ස්වර්ගයත් තිබෙන්නේ මේ ලෝකයේම තමයි.